හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහෝදරයෙකු වන මහීල් සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්. ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ මහීල් සේනාරත්න මහතා 2010 – 2012 කාල වකවානුවේ ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ති…

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහෝදරයෙකු වන මහීල් සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්. ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ මහීල් සේනාරත්න මහතා 2010 – 2012 කාල වකවානුවේ ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබුණා. එම කාලසීමාවේ දිවයින පුරා මත්ස්‍ය අලෙවිසැල් ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීමේ දී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර, සෘජුවම තෝරාගත් ආයතන 2ක් වෙත ලබාදීමත්, එම ආයතන 2 වෙත ගෙවීම් කිරීම සඳහා නිලධාරීන් වෙත බලපෑම් කර ගෙවීමට සැලැස්වීමත් ඔහුට එරෙහිව චෝදනා වනවා. සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.