රැකියාවක් නොකර රුපියල් ලක්‍ෂ 190ක් මිරිහාන ප්‍රදේශයේ ව්‍යාපාර ස්ථාන දෙකක ආයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්‍ෂ මහතාගෙන් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය ඊයේ (25දා) පැය 5කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත. ර…

රැකියාවක් නොකර රුපියල් ලක්‍ෂ 190ක් මිරිහාන ප්‍රදේශයේ ව්‍යාපාර ස්ථාන දෙකක ආයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්‍ෂ මහතාගෙන් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය ඊයේ (25දා) පැය 5කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත. රෝහිත රාජපක්‍ෂ මිරිහාන ප්‍රදේශයේ මහා පරිමාණ මෝටර් රථ අලුත්වැඩියා කරන ආයතනයක සහ තවත් ව්‍යාපාර ස්ථානයක රුපියල් ලක්‍ෂ 190ක මුදලක් ආයෝජනය කර ඇත්තේ ඉකුත් 2018 වර්ෂයේ සිට 2021 වර්ෂය අතර කාලසීමාව තුළදී බව විමර්ශනවලින් හෙළිවී තිබේ. මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය වෙත කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය කර තිබිණි. ඒ අනුව රෝහිත රාජපක්ෂ මහතාට ඊයේ පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත. ඊයේ පෙරවරු 9.30ට පමණ රෝහිත රාජපක්ෂ මහතා එම ඒකකය හමුවේ පෙනී සිටි අතර දහවල් 2.30 වනතුරු ප්‍රකාශ සටහන් කරගැනීම සිදුවිය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසකගෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිතය. හේමන්ත රන්දුණු