“අවුරුදු හැට නවයක් මම පෙරහැරේ යනවා පුතේ…” කියලා ජනාධිපතිවරයාගේ අත අල්ලාගෙන කියූ ජේම්ස් ගුරුන්නාන්සේගේ සේයාරුව අද බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබෙන්නක්. මෙවර ඇසළ පෙරහැර සමාප්තිය සටහන් කරමින් පැවති මහෝත්සවයේදී පෙරහැරට එක්වූ ශිල්පීන් ඇගයීම ජනාධිපතිවරයා වෙතින් සිදුවෙද්දී මේ වයෝවෘද්ධ…

“අවුරුදු හැට නවයක් මම පෙරහැරේ යනවා පුතේ…” කියලා ජනාධිපතිවරයාගේ අත අල්ලාගෙන කියූ ජේම්ස් ගුරුන්නාන්සේගේ සේයාරුව අද බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබෙන්නක්. මෙවර ඇසළ පෙරහැර සමාප්තිය සටහන් කරමින් පැවති මහෝත්සවයේදී පෙරහැරට එක්වූ ශිල්පීන් ඇගයීම ජනාධිපතිවරයා වෙතින් සිදුවෙද්දී මේ වයෝවෘද්ධ කලා ශිල්පියා ද ජනාධිපතිවරයා වෙත පැමිණීයහ. ජනාධිපතිවරයා ළෙන්ගතුව ඔහුගේ අත අල්ලා ගත්තා…. පුතේ…. කියා ජනාධිපතිතුමන්ට කතා කරද්දී ජනපතිට ඇතිවූ හැඟීම වචනයෙන් කිව නොහැකි තරම්… ජනාධිපතිවරුන් පස් දෙනකුගෙන් එවැනිම ඇගයීම් මීට පෙර ඔහු ලබා තිබෙනවා. ඒ හැම විටකම මෙවැනි ළෙන්ගතුකමක් ජේම්ස් ගුරුන්නාන්සේට ලැබුණේ නැහැ. ජනාධිපතිවරුන් විතරක් නොවේ හිටපු අග්‍රාණ්ඩුකාරවරුන් දෙපළක් අබියසදීත් එවැනි ළෙන්ගතුකමක් ඔහුට නොලැබුණා වගෙයි. ඔක්කොම ඉස්සරහ තමන් ළඟට ආපු ඒ වයෝවෘද්ධ මිනිසාගේ අතින් අල්ලාගෙන කතා කරපු සිදුවීම ආචාර්ය නන්දා මාලනිය වරෙක ගැයූ ගීතයක එන ‘රජකැයි නොසිතෙනා අප මහ රජාණෝ’ යන්න හැඟෙන බව සමාජ මාධ්‍යවල සමහරු සටහන් කර තිබුණා. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා එම මොහොතේ සතුටින් ජනාධිපතිතුමන් මේ ජ්‍යෙෂ්ඨ ශිල්පියාට දැක්වූ ආදරය සතුටින් පිළිගත් අයුරු ද මෙහි දැක්වේ. කුඩා දරුවකු ලෙස 13 හැවිරිදි වියේදී ඔහුගේ ‘සීයා’ ගේ මැදිහත්වීමෙන් තාලම්පොට වාදනය කරමින් පෙරහැරට සම්බන්ධවී ඇති මේ ශිල්පියා ජනපතිවරුන් 4 දෙනෙකුගෙන් සහතිකත් කලාභූෂණ සම්මානය ද ලැබූවෙක්. අවුරුදු 69 ක් නොකඩවා ඔහු පෙරහැරේ හොරනෑ පිඹුව එකම පුද්ගලයා ද වන්නේය.