විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් යෝජිත දායක විශ්‍රාම වැටුප් ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර, එය මෙවර අයවැය යෝජනාවලට ඇතුළත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදි තිබෙනවා. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණ…
විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් යෝජිත දායක විශ්‍රාම වැටුප් ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර, එය මෙවර අයවැය යෝජනාවලට ඇතුළත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදි තිබෙනවා. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කර තිබෙනවා. විදේශ විනිමය ගෙන එන ප්‍රධානතම ක්ෂේත්‍රයක් වන විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් වඩාත් විධිමත් විශ්‍රාම වැටුප් ක්‍රමයක අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදි පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. ඒ වෙනුවෙන් කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙන අතර, සංචාරක කටයුතුවලට අදාළ යෝජනා දිස්ත්‍රික් මට්ටමින් වඩාත් කාර්යක්ෂමව ක්‍රියාවට නැංවීම සඳහා එම ව්‍යාපෘතිවලට වෙන් කෙරෙන මුල්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙනුවෙන් ඇති මුදල් සංචිතයට සෘජුවම යොමු කරන ලෙසද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

