පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ. ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයන් තිදෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිදුවීමකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ය. මෙම…
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.
ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයන් තිදෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිදුවීමකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ය.
මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීමට මීට පෙර අවස්ථාවක පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද, ඔහු පැමිණ නොසිටීම නිසා පසුගියදා අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් මන්ත්‍රීවරයාගේ නිවස වෙතද ගොස් තිබුණි.
එම අවස්ථාවේදී ද මන්ත්‍රීවරයා නිවසේ සිට නොමැති අතර, සිය දියණියගේ විවාහ මංගල්‍යයේ කටයුතු හේතුවෙන් ප්‍රකාශය ලබාදීමට වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව, ලබාදුන් පෙර දැනුම්දීමට අනුව රවී කරුණානායක මහතා අද දිනයේ මෙලෙස අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ඇත.

