රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන හිටපු සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුෂහැන්නදි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා…
රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන හිටපු සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුෂහැන්නදි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාගෙන් අල්ලස් ලබාගත් බවට කෙරෙන විමර්ශනයකට අදාළව ඔවුන් තිදෙනා පසුගිය 25 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා. නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ රදවාගනු ලැබ සිටිනවා. ඒ, අනුව ඔහුගේ ජීවිතය ආරක්‍ෂාකර දිම සදහාත්, හරක් කටා නමැත්තාගේ රැදවුම් නියෝග ඉවත් කර දීම සදහාත්, විමර්ශන කටයුතුවලින් සහ ඊට අදාළ කටයුතුවලින් නිදහස් කර දීම සදහා අවශ්‍ය කටයුතු කරදිම වෙනුවෙන් සැකකරුවන් අල්ලස් ලබාගෙන ඇති බවයි අල්ලස් කොමිසම පැවසුවේ. 2023 වසරේදී ඩුබායි රාජ්‍යයේදි හරක් කටා නමැත්තාගේ බිරිදගෙන් රුපියල් ලක්‍ෂ 5,000 මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා පසුව එම මුදල ලක්‍ෂ 2,000 දක්වා අඩුකර එම මුදලින් අත්තිකාරමක් වශයෙන් ලක්‍ෂ 1200 ක මුදලක් සැකකරුවන් විසින් ලබාගෙන ඇති බවයි පැවසෙන්නේ. මීට පෙර නඩු කටයුත්තක් වෙනුවෙන් අධිකරණයට රැගෙන ආ අවස්ථාවක නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා මේ බවට චෝදනා කළා. විමර්ශන ආරම්භ කෙරුණේද ඒ අනුවයි. එම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 25 වනදා අත්අඩංගුවට ගත් ඔවුන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

