ගිනි අවියක් නීති විරෝධීව ළඟ තබා ගැනීමේ චෝදනා මත රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සමගි ජනබලවේගය නියෝජනය කරන අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා අද යළි බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. රිපිටර් වර්ගයේ ගිනි අවියක් නීති විරෝධීව ළග තබාගෙන සිටි එම ප්‍ර…
ගිනි අවියක් නීති විරෝධීව ළඟ තබා ගැනීමේ චෝදනා මත රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සමගි ජනබලවේගය නියෝජනය කරන අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා අද යළි බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. රිපිටර් වර්ගයේ ගිනි අවියක් නීති විරෝධීව ළග තබාගෙන සිටි එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ මීටියාගොඩ පිහිටි ඔහුගේ නිවසේදීයි. ඒ, ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. අත්අඩංගුවට ගත් සැකකාර මන්ත්‍රීවරයා ඊයේ දිනයේ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැදවා ඇතැයි සමගි ජනබලවේගය පවසනවා. ඒ අනුව එම වාර්තාව අධ්‍යයනය කර අදාළ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවයි සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ.

