ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඉෂාරා සෙව්වන්දි නමැත්තිය තවදුරටත් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාවක් යටතේ රදවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි පවසනවා. ඒ, එම බන්ධනාගාරයේ කාන්තා අංශයේ වෙනත් රැඳවියන්ට නොගැටෙන සේ වෙනම සිර මැදිරියකයි. ම…
ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඉෂාරා සෙව්වන්දි නමැත්තිය තවදුරටත් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාවක් යටතේ රදවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි පවසනවා. ඒ, එම බන්ධනාගාරයේ කාන්තා අංශයේ වෙනත් රැඳවියන්ට නොගැටෙන සේ වෙනම සිර මැදිරියකයි. මේ වනවිට එම බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 130කට ආසන්න පිරිසක් රදවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. එමෙන්ම ගනේමුල්ල සංජීවගේ සමීපතමයන් කිහිප දෙනෙකු ද පිරිමි අංශයේ රැඳවා සිටිනවා. කෙසේවෙතත් ඔවුන් ඉෂාරා සෙව්වන්දිට ඔවුන් නොගැටුන ද එම සැකකාරියට එලෙස විශේෂ ස්ථානයක රදවා සිටිනවා. සාමාන්‍යයෙන් රැඳවියන් උදෑසන 6 ට සිර මැදිරිවලින් පිටතට ගැනෙන අතර ඔවුන් යලි වාට්ටුවල රදවනු ලබන්නේ පස්වරු 4ට පමණයි. කෙසේවෙතත් විශේෂ ආරක්ෂාවක් යටතේ වෙනම සිරමැදිරියක රදවා සිටන ඉෂාරා සෙව්වන්දි ඇතුළු වෙනම රදවා සිටින කිසිදු රැඳවියෙකුට එම පහසුකම හිමි වන්නේ නැහැ. ඉෂාරා සෙව්වන්දි උදෑසන 6ට සිරමැදිරියෙන් පිටතට ගන්නා බවත් උදෑසන ආහාර වේල ලබා දී යලිත් මිනිත්තු 15කින් පසුව සිරමැදිරියේ රදවන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. යලිත් ඇය පිටතට ගනු ලබන්නේ දහවල් ආහාර වේල ලබාදීම සදහා මිනිත්තු 15කටයි. බන්ධනාගාරයෙ කෑම පිස බෙදාදෙන වේලාවට ඉෂාරා සෙව්වන්දි එලෙස පිටතට ගැනෙනෙ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ . යලිත් සිරමැදිරියේ රදවනු ඉෂාරා සෙව්වන්දි පස්වරු 4 ට එලියට ගනු ලබන්නේ රාත්‍රි ආහාර වේල ලබාදීම සදහායි. ඊට අමතරව උදෑසන 6ත් පස්වරු 5ත් අතර කාලය තුල දිනකට මිනිත්තු 30ක් ඉෂාරා සෙව්වන්දි පිටත ගනු ලබන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ඒ, ව්‍යයාම් කිරිම සදහා අවස්ථාව ලබාදීමටයි. ඒ අනුව බන්ධනාගාර නිළධාරිනියන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ වෙනත් රැඳවියන්ට නොගැටෙන සේ සැකකාරියට එම අවස්ථාව ලබාදෙන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. මේ අතර ඉෂාරා සෙව්වන්දිට බන්ධනාගාරය තුළ විශේෂ පහසුකම් ලබා දී නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා. ඇය එම බන්ධනාගාරයට පසුගියදා රැගෙන ඒමෙන් පසුව බන්ධනාගාරයෙන් එක් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, සිය පවුලේ සාමාජිකයෙකුට දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙසටයි. අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය විසින් ඉෂාරා සෙව්වන්දිට එම ඉල්ලීම ඉටු කර තිබෙනවා. ඒ පවතින බන්ධනාගාර නීතියට යටත්වයි. ඕනෑම රැඳවියෙකුට මසකට දෙවරක් බන්ධනාගාරය හරහා දුරකථන ඇමතුම් ලබාගැනීමට අවස්ථාව පවතිනවා. එම රැඳවියා ඊට අදාලව ඉල්ලීමක් බන්ධනාගාරයෙන් පළමුව සිදුකළ යුතු වනවා. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ පවුලේ සාමාජිකයන් සමග දුරකථනයෙන් කතා කිරීමට විනාඩි දෙකක පමණ කාලයක් හිමිවන බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ. ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය බව කියන පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නේපාලයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන පසුගිය ඔක්තෝබර් 15 වන දින මෙරටට රැගෙන එනු ලැබුවා. ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මාස 10ක පමණ කාලයක් රැඳවුම් නියෝග මත තබාගෙන ඇයගෙන් ප්‍රශ්න කළා. රැඳවුම් නියෝග අවසන් වීමෙන් පසු අගෝස්තු 10 වන දින ඇය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදි අධිකරණය නියෝග කළේ සැකකාරිය අගෝස්තු 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. එදින යලි නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී, ඉෂාරා සෙව්වන්දි තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අධිකරණය නියෝග කළා. එමෙන්ම, එම බන්ධනාගාරයේ පසුවන ඇයගෙන් වැඩිදුර ප්‍රකාශ ලබාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයට අධිකරණය විසින් අවසර ලබා දී තිබෙනවා.










