රුසියානු ඉලක්ක වෙත යුක්රේනය නැවත වරක් ප්‍රබල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. රුසියාවේ දෙවන විශාලතම නගරය වන ශාන්ත පීටර්ස්බර්ග්හි ප්‍රධාන තෙල් පර්යන්තයකටයි යුක්රේනය මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ. යුක්රේන ජනාධිපති ව්ලොැඩිමීර් සෙලෙන්ස්කි ද මේ බව තහවුරු කළා. ප්‍රහාරයෙන් රුසියාවේ බෝල්ටි…
රුසියානු ඉලක්ක වෙත යුක්රේනය නැවත වරක් ප්‍රබල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. රුසියාවේ දෙවන විශාලතම නගරය වන ශාන්ත පීටර්ස්බර්ග්හි ප්‍රධාන තෙල් පර්යන්තයකටයි යුක්රේනය මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ. යුක්රේන ජනාධිපති ව්ලොැඩිමීර් සෙලෙන්ස්කි ද මේ බව තහවුරු කළා. ප්‍රහාරයෙන් රුසියාවේ බෝල්ටික් නාවික බලඇණියට අයත් ක්‍රොන්ස්ටාඩ් නුවර පිහිටි ප්‍රධාන නාවික කඳවුරකට ද දැඩි හානි සිදුව ඇති බවයි යුක්රේනය වැඩිදුරටත් පවසන්නේ. මේ අතර ශාන්ත පීටර්ස්බර්ග් වෙත ප්‍රහාරයක් එල්ල වූ බව ප්‍රාන්ත ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් බෙග්ලොව් ද පිළිගෙන තිබෙනවා. නමුත් මෙම ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවයි ඔහු කියා සිටියේ. යුක්රේන ඩ්‍රෝන යානා හැත්තෑ දෙකක් බිම හෙලීමට රුසියානු ආරක්ෂක අංශ සමත් වූ බව ද ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියා සිටියා. ප්‍රහාරයට ලක්වූ තෙල් පර්යන්තය වාර්ෂිකව නිපදවන තෙල් ප්‍රමාණය ටොන් මිලියන 12.5ක්. එතරම් විශාල ධාරිතාවක් සහිත තෙල් පර්යන්තයක් ප්‍රහාරයට ලක්වීමත් සමග රුසියාවේ ඉන්ධන පිරිපහදු ධාරිතාවෙන් සියයට 43ක් පමණ මේ වන විට අක්‍රිය වී ඇති බවයි යුක්රේනය පවසන්නේ. කෙසේ වෙතත්, මෙම ප්‍රකාශයන් සම්බන්ධයෙන් රුසියානු රජය නිල වශයෙන් මෙතෙක් ප්‍රකාශයක් සිදු කර නැහැ.

