රටට සෙත්පතා සිදු කෙරෙන ආශිර්වාද පරිත්‍රාණ සජ්ඣායනාවක් සමග ශාසනික චිරස්ථිතිය උදෙසා කුල දරුවන් දහසක් එකවර පැවිදි කිරීමේ මහා පිංකමක් ඓතිහාසික රුවන්වැලි මහ සෑ රදුන් අබියසදී ලබන 24 – 25 දිනවල පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (පිරිවෙන්) මාදෝවිට වජිරබුද්ධි නාහිමියෝ ‘දිවයින’ ට ස…
රටට සෙත්පතා සිදු කෙරෙන ආශිර්වාද පරිත්‍රාණ සජ්ඣායනාවක් සමග ශාසනික චිරස්ථිතිය උදෙසා කුල දරුවන් දහසක් එකවර පැවිදි කිරීමේ මහා පිංකමක් ඓතිහාසික රුවන්වැලි මහ සෑ රදුන් අබියසදී ලබන 24 – 25 දිනවල පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (පිරිවෙන්) මාදෝවිට වජිරබුද්ධි නාහිමියෝ ‘දිවයින’ ට සඳහන් කළහ.
ත්‍රෛනිකායික මහා නාහිමිපාණන් වහන්සේලාගේ පූර්ණ ආශිර්වාදයෙන් ශාසන භාරධාරී අනාගත පරපුරක් බිහිකිරීම උදෙසා සිදු කරන මෙම ඓතිහාසික කටයුත්ත දහසක් බුදු පුත් ප්‍රවෘජ්‍යාභිෂේක ජාතික මහෝත්සවය ලෙස නම් කෙරෙනු ඇත.
එහිදී සිදු කරන තවත් කාර්යයක් වනුයේ දිවයිනේ පිරිවෙන් 54 නියෝජනය වන පරිදි ගුරු සිසු ශිල්පීන් 300 කගේ සහභාගිත්වයෙන් ‘පසඟතුරු ගොස’ පෝය හේවිසි වාදනය ඇතුළු පාරම්පරික කුසලතා එළිදැක්වීමක් ද සිදු කෙරේ.
වර්තමානයේ විහාරස්ථානවල වැඩ වාසය කිරීමට භික්ෂුන් වහන්සේලා නොමැතිවීමේ අර්බුදයට විසඳුමක් ලෙස කුල දරුවන් සසුන්ගත කරන බව වජිරබුද්ධි නාහිමිපාණෝ පැවසූහ.
ලබන 24 වෙනිදා ප.ව. 3.00ට හේවිසි කණ්ඩායම්, සාමණේර හිමිවරුන් සහ කුල දරුවන් පෙළ ගැස්වීමෙන් ඇරඹෙන මෙම මහෝත්සවය කුල දරුවන් ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් කිරීම පූජ්‍ය කොබ්බෑවල මේධංකර හිමියන් ඇතුළු මහා සඟරුවනේ සහභාගිත්වයෙන් 25 දා පෙ.ව. 5.00 සිට 7.00 දක්වා සිදුවනු ඇත.

