"සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ දෙවන හා තුන්වන පෙළ සාමාජිකයින් එක්ව ඉදිරි දේශපාලන ගමන සඳහා නව නායකත්වයක් සෙවීමේ විශේෂ සාකච්ඡාවක නිරත වන බවට තොරතුරු වාර්තා වනවා. මෙහිදී සජිත් ප්‍රේමදාස මහතාට පසුව පවතින ජනප්‍රියතාව සලකා බලමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා වී ඇති බවය…

"සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ දෙවන හා තුන්වන පෙළ සාමාජිකයින් එක්ව ඉදිරි දේශපාලන ගමන සඳහා නව නායකත්වයක් සෙවීමේ විශේෂ සාකච්ඡාවක නිරත වන බවට තොරතුරු වාර්තා වනවා. මෙහිදී සජිත් ප්‍රේමදාස මහතාට පසුව පවතින ජනප්‍රියතාව සලකා බලමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා වී ඇති බවයි පැවසෙන්නේ. කෙසේවෙතත්, ග්‍රාමීය මට්ටමේ ජනතාව අතර ඔහුගේ ඇති ජනප්‍රියතාව පිළිබඳවද යම් යම් කතාබහ නිර්මාණය වී තිබෙනවා. දේශපාලන වේදිකාවේ තිරයෙන් පිටුපස කතා "කනින් කොනින් ඇසුණු කතා" විශේෂංගයේ මෙවර අනාවරණය පහතින් ''අපි පහුගිය බදාදා කනින් කොනින් ඇසුණු කතා වැඩසටහනෙන් කිව්වා සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙළ, තුන්වන පෙළ කට්ටිය එකතු වෙලා අලුතෙන් ගමනක් යන්න ලෑස්ති වෙනවා, අලුත් නායකයෙක් හොයනවා කියලා. ගොඩක් දෙනෙක් කියනවා හර්ෂ ද සිල්වා තමයි ගේන්න ප්ලෑන් කරලා තියෙන්නේ කියලා. මොකද සජිත්ගෙන් පස්සේ හර්ෂ තමයි ජනප්‍රිය කියලා ඒ කට්ටිය කතා වෙනවා කියලා වාර්තා වෙන්නේ. හැබැයි තවත් කට්ටියක් කියනවා හර්ෂට ඔය කොළඹ කට්ටිය කැමති වුණත් ගමේ කට්ටිය නම් හර්ෂව දන්නවාද කියලත් පොඩි සැකයක් තියෙනවා කියලා තව කට්ටියක් කතා වෙලා තියෙනවා. කොහොමහරි තවත් කට්ටියක් කියනවා ප්ලෑන් එකක් තියෙනවා කියලා ජනප්‍රිය මාධ්‍ය නාලිකාවක ප්‍රධානියෙකුත් ගේන්න. ඒ කොහොම වෙතත් මේක කොහොමහරි මේ අලුත් නායකයෙක් එන්නේ සජිත්, රනිල් එකතු වුණේ නැත්නම්, ඒ දෙන්නා එකතු වෙලා ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය එකතු වුණොත් එහෙම සජිත් තමයි නායකයා වෙන්නේ කියලා ගොඩක් අය කියනවා. මොකද රනිලුත් දන්නවා සජිත් තමයි මේ වෙනකොට ජනප්‍රිය කියලා කියන එක රනිලුත් දන්නවා කියලා පක්ෂ දෙකේම සමහර අය මේ වෙනකොට කතා වෙමින් ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොමහරි අපි අර කලින් කියපු අර මාධ්‍ය ආයතන ප්‍රධානියා තමන්ගේ ඉලෙක්ෂන් කැම්පේන් එක නම් මේ වෙද්දිත් පටන් අරන් ඒකට අදාළ වැඩ කටයුතු කරගෙන එනවා කියලා තමයි කියන්නේ. අපි ඔහු මේකට සම්බන්ධ වුණා කියලා ගොඩක් කලින් තමයි කිව්වේ. පළවෙනි පාරටත් අපි තමයි කිව්වේ කියන එකත් අමතක කරන්න එපා. ඒකත් මතක තියාගෙන ඉන්න බැරි වෙලා හරි ඔහු ඡන්දෙට ආවොත්. අලුත් අවුරුදු නැකත් සීට්ටුව. මතක ඇති පහුගිය අවුරුද්දේ, ඒ කියන්නේ මේ ගතවෙච්ච මේ අවුරුද්දේ තිබිච්ච අලුත් අවුරුද්දේ අප්‍රේල් මාසයේ ඊට කලින් කොච්චර නම් ලොකු ප්‍රශ්නයක්, සද්දයක් මතු වුණාද මේ අලුත් අවුරුදු නැකත් සීට්ටුව සම්බන්ධයෙන් නැකත් වැරදියි කියලා. ඉතින් කොයි නැකතටද කළේ කියන එක සමහර වෙලාවට දැන් ඔබටත් මතක නැතුව ඇතිනේ. හැබැයි මේ නැකත් අවුල ලබන අවුරුද්දේ, 2025 සිද්ධ නොවෙන්න අලුත් වැඩක් ආණ්ඩුව කරලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නැකත් කමිටුව අවුරුදු දෙකක් විතර යනකම් පත් කරලා තිබුණේ නැහැ. ඉතින් මේ පත් කරලා නොතිබිච්ච හින්දා සහ මේ අවුරුද්දේ ඇතිවෙච්ච අර්බුදය නිසා 64 දෙනෙකුගෙන් යුත් ජෝතිෂ්‍ය කණ්ඩායමක් සංචිතයක් කැඳවලා පත් කරගෙන තිබෙනවා. අමාත්‍යවරයා කියලා තියෙනවා 64 ක් වැඩියි, මේක අපි 20 කට අඩු කරමු කියලා. ඊට පස්සේ 20 කට අඩු කරලා පස්සේ ඒක 19 ක් බවට පත් කරලා තියෙනවා. ඒ අනුව 19 දෙනෙක් මේ අලුත් නැකත් කමිටුව විදිහට පත් කරලා තියෙනවා. ඉතින් ලබන අවුරුද්ද වෙනුවෙන් දැන්මම මේ කට්ටිය එකතු වෙලා, ඒ කියන්නේ ආණ්ඩුව නැකත් හදලා ඉවර කරලා තියෙනවා. ඒ කියන්නේ 2025 කිරිබත් කන නැකත. මේ නැකත් එක මේ 19 දෙනාගේ කමිටුවට දාලා තියෙනවා. ඒකට 14 දෙනෙක් කැමති වෙලා තියෙනවා. තුන්දෙනෙක් අකමැති වෙලා තියෙනවා. ඉතිරි අය මේකට ඡන්දය දීමෙන්, කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කිරීමෙන් වැළකිලා තියෙනවා. මේ පාර ආණ්ඩුව හොඳ වැඩක් කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මොකක්ද දන්නවාද? ඔය මීඩියාවලට ඇවිල්ලා කෑගහන, වොයිස් කට් දෙන, කතා කරන, බක පණ්ඩිත ටෝක් දෙන ඔක්කොම ජෝතිෂ්‍යවේදීනුත් එකතු කරගෙන තමයි මේ 19 දෙනාගේ සංචිතය කමිටුව හදලා තියෙන්නේ. දැන් ඉතින් කිසිම කංකෙදිරියක් නැතුව ලබන අවුරුද්දේ නම් කිසිම ප්‍රශ්නයක් නැතුව හැමෝටම එක නැකතකට කිරිබත් කන්න පුළුවන් වෙයි කියලා මේක අහපු ගොඩක් කට්ටිය කියලා තියෙනවා. ඉතින් ඇමති සුනිල් සෙනවි මේ කට්ටියව හම්බවෙලා තියෙනවා. මේ කට්ටියට කියලා තියෙනවා ඔයාලට මේ තනතුරු, තානාන්තර දීලා තියෙන්නේ ඒවා ආභරණ කරගන්න නෙමෙයි ජනතාවට වැඩක් කරන්න. ඒ හින්දා එළියට ගිහිල්ලා බොරුවට කෑගහන්න, සද්දේ දාන්න එපා. මේකෙන් වැඩක් කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. යෝෂිත රාජපක්ෂගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ආයෙත් පාරක් කතාවක් ඇවිල්ලා. මේකට හේතුව තමයි අර ඔහු නේවියට සම්බන්ධ වුණාද, බැඳුණේ කොහොමද කියන කාරණය අධිකරණයේ නඩුවකුත් යන කාරණය. ඉතින් මේ සම්බන්ධයෙන් මේ රාජපක්ෂ පවුලේ කට්ටියත් පහුගිය දවසක කතා කරලා තියෙනවා. ඒකට සමීපතම කට්ටියත් කතා කරලා තියෙනවා. "යෝෂිත ඇයි නේවියට බැඳුණේ කියලා දන්නවාද?" කියලා තමයි මේ කට්ටිය කතා වෙලා තියෙන්නේ. දවසක් ඔය මහින්ද රාජපක්ෂ එතකොට ජනාධිපතිවරයා, ජනාධිපති වෙලා ඉන්න කාලේ ගෙදර ඉන්නැද්දී කෑම කකා ඉන්නැද්දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියලා තියෙනවා, "මේ බලනවාද දැන් හමුදාවට කොල්ලෝ ඕනේ, වැඩිපුර කොල්ලෝ බැඳෙන්නෙත් නැහැ. ජනාධිපතිගේ පුතාලා හැටියට තමුන්නැහැලා තුන්දෙනාගෙන් කෙනෙක් හරි හමුදාවට බැඳෙන්නකෝ." එහෙම ජනාධිපතිවරයා කිව්වා කියලා තමයි මේ සාකච්ඡාවේදී මතු වෙලා තිබෙන්නේ. කොහොමහරි ඕකෙන් පස්සේ යෝෂිත තීරණය කරලා තියෙනවාලු හමුදාවට බැඳෙන්න. යෝෂිතගේ O/L ගත්තොත් එහෙම එයාට A එකයි, B එකයි, C හයක් තියෙනවා කියලා තමයි ඔතනදී කතා වෙලා තියෙන්නේ. A/L ඔහු ආට්ස්වලින් කරලා තියෙන්නේ, C තුනක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඔතනදී ඔය ප්‍රශ්නය මතුවෙලා තියෙන්නේ ඔය ආට්ස්වලින් කිරීම සම්බන්ධයෙන්නේ. ඔය සිංහල දෙපාරක් කරලා තියෙනවා කියලා කියනවා. මුලින්ම තිබිලා තියෙන්නේ S එකක්, පස්සේ C එකක් බවට පත්වෙලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් ඔය නේවියට බැඳිලා UK යන්න කලිනුත් යෝෂිතයි, හිරුණිකයි දෙන්නම UK යන්න ප්ලෑන් කරලත් තිබිලා තියෙනවා Queen's විශ්වවිද්‍යාලයට. දෙන්නම එකට තමයි ඇප්ලිකේෂන් පුරවලා තියෙන්නේ මේ විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙන්න. හැබැයි නේවියට යෝෂිතට බැඳෙන්න සිද්ධ වෙච්ච නිසා යෝෂිත ගිහිල්ලා නැහැ. UK හැබැයි යෝෂිත UK යනවා පස්සේ නේවියට බැඳිලා ඒ කැඩෙට් ඔෆිසර් කෙනෙක් විදිහට. කොහොමහරි මේ සිද්ධිය මේ දවස්වල ඉතින් පරීක්ෂණ යන නිසා අපි මේ ගැන වැඩිපුර කතා වෙන්නේ නැහැ. මේ පහුගිය දවසක මේ පිළිබඳව කතාබහට ලක්වෙච්ච නිසා අපිට කනින් කොනින් ඇසුණු කතා විදිහට ඒ ආරංචි වුණා, ඒ නිසයි අපි ඔබට ඒ ගැන කිව්වේ.''