සීදූව, මීගමුව පාර ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබෙනවා. ඒ, සීදුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. එහි කළමණාකරණ කටයුතු සිදුකළ පුද්ගලයෙකු සහ ගණිකා වෘත්තියේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් සිව්දෙන…

සීදූව, මීගමුව පාර ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබෙනවා. ඒ, සීදුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. එහි කළමණාකරණ කටයුතු සිදුකළ පුද්ගලයෙකු සහ ගණිකා වෘත්තියේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. සැකකරු වයස අවුරුදු 40 ක් වන හඳුන්තාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අවුරුදු 22 ත් 30ත් අතර වයස්වල පසුවන සැකකාරියන් කොස්ගම, මාතලේ, කුරුණෑගල සහ අඹගමුව ප්‍රදේශවල පදිංචිකාරිණියන් වනවා. සිද්ධිය සම්බන්ධයෙන් සීදුව පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.