සමිති සහ සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ දමා තිබෙනවා. ඒ, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කරමින්. ඒ අනුව, සීමා සහිත පෞද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා මෙතෙක් පැවති රුපියල් 4,600ක් වු ගාස්තුව රු…

සමිති සහ සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ දමා තිබෙනවා. ඒ, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කරමින්. ඒ අනුව, සීමා සහිත පෞද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා මෙතෙක් පැවති රුපියල් 4,600ක් වු ගාස්තුව රුපියල් 5,200 දක්වා ඉහළ දමා තිබෙනවා. සීමාසහිත පොදු සමාගමක් ලියාපදිංචි කිරීම සදහා රුපියල් 23,000ක්ව පැවති ගාස්තුව ඉහළ දමා ඇත්තේ රුපියල් 26,400 දක්වායි. සීමාරහිත සමාගමක් ලියාපදිංචිය සඳහා රුපියල් 17,250ක්ව පැවති ගාස්තුව රුපියල් 19,800 දක්වා ඉහළ නංවා තිබෙනවා. ඊට අමතරව සමාගමක නාමයක් අනුමත කිරීම සදහා පැවති රුපියල් 2,300 ගාස්තුව රුපියල් 2,600 දක්වා ඉහළ දමා ඇති බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. රුපියල් 3,450ක්ව පැවති සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 3,900 දක්වා ඉහළ නංවා තිබෙනවා. එමෙන්ම සමිති ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ ගාස්තුව රුපියල් 1,725 සිට රුපියල් 1,900 දක්වා ඉහළ දමා ඇති බව එම ගැසට් නිවේදනයේ සදහන්.