සර්වජන බලය පක්‍ෂයේ මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි Published September 1, 2026 9:39am සර්වජන බලය පක්ෂයේ මාධ්‍ය ලේකම් හසන් අලාල්දීන් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු පසුගිය මහා මැතිවරණයේ සර්වජන බලය ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වූ අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේ සර්වජ…

සර්වජන බලය පක්‍ෂයේ මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි

Published September 1, 2026 9:39am

සර්වජන බලය පක්ෂයේ මාධ්‍ය ලේකම් හසන් අලාල්දීන් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු පසුගිය මහා මැතිවරණයේ සර්වජන බලය ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වූ අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේ සර්වජන බලයේ කොළඹ පුරපති අපේක්ෂකයා ලෙසද තරග කළා. පෞද්ගලික හේතුවක් මත එම තනතුරෙන් තමන් ඉල්ලා අස්වන බවයි ඔහු සර්වජන බලය ප්‍රධාන ලේකම් රන්ජන් සෙනෙවිරත්න මහතා වෙත යොමු කර ඇති ලිපියේ දැක්වෙන්නේ.