2026 වර්ෂයේ ජූනි මස 26 වැනි රවි දිනයෙන් ආරම්භ වන ජූලි මස 4 වැනි ශනි දිනයෙන් අවසන් වන සතිය තුළ ලග්නයෙන් ලග්නයට ලග්න පලාඵල මෙසේය. මේෂ ලග්නය මේෂ ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ග්‍රහ ගෝචරය 7 වැන්නේ සහ 8 වැන්නේ සිදුවන ඔබට යහපත් දුර ගමන් බිමන් යෙදෙන කාලයක් වේ. විවාහ යෝග නැවත පැනනඟිනා…

2026 වර්ෂයේ ජූනි මස 26 වැනි රවි දිනයෙන් ආරම්භ වන ජූලි මස 4 වැනි ශනි දිනයෙන් අවසන් වන සතිය තුළ ලග්නයෙන් ලග්නයට ලග්න පලාඵල මෙසේය.

මේෂ ලග්නය

මේෂ ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ග්‍රහ ගෝචරය 7 වැන්නේ සහ 8 වැන්නේ සිදුවන ඔබට යහපත් දුර ගමන් බිමන් යෙදෙන කාලයක් වේ. විවාහ යෝග නැවත පැනනඟිනා කාලයකි. පවුලේ පැවති ගැටලු, මතභේද නිරාකරණය කරගත හැක. ප්‍රීතිමත්, යහපත් පවුල් ජීවිතයකට යහපත් කාලය මෙයයි. දේපළ ධනය පිළිබඳ පැවති යම් තරමකට නිරාකරණය වේ. හවුල්කරුවන් සහයක සම්බන්ධකරුවන් ළං කරගැනීමට ඉතා යහපත්ය හදිසි අනතුරු වැටීම්, තැලීම් තුවාල වීම් ඇතිවිය හැකි බැවින් ප්‍රවේසමෙන් කටයුතු කරන්න. අවුරුදු 7ක ලග්න එරාෂ්ටක මේෂ ලග්නයෙන් උපන් අයට යෙදෙන නිසා විශේෂයෙන් බුධගේ හා සෙනසුරුගේ මහා දශා අතුරු දශා, විදශා ගෙවමින් පවතින අය ප්‍රවේසම් වන්න. සිකුරු ඔබට පෙනෙන තරම් සුබවාදී නැත.

සුබ වර්ණය කොළ- ජය අංක 11,16

වෘෂභ ලග්නය

වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ග්‍රහ චාරය 6 වැන්නේ සහ 7 වැන්නේ ගෝචර වන හෙයින් මේ කාලය තුළ ඔබට ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වියයුතුය. ශෛල්‍ය කර්මවලට භාජනය වීමට නියමිත අයට ලබාදී ඇති කාලය දීර්ඝ විය හැක. විශේෂයෙන් ඇස් රෝග උගුර ආශ්‍රිත රෝග පවතින අය ප්‍රවේසම් වන්න, තවද නීතිමය ගැටලු මතුවීමට ඉඩ ඇත. අන් අයගේ ප්‍රශ්නවලට මැදිහත් වීමෙන් වළකින්න. මොකද ඒ ගැටලුව වක්ක්‍රාකාරව ඔබේ පැත්තට නැවත පෙරලි ආ හැකි බැවිනි. විවාහ ගැටලුවලට මේ කාලයේ දී පිළිතුරු සෙවීම ගඟට ඉනි කැපීමක් වැනිය. එම නිසා කලබල නොවී මෙම කාලය මඟ හැර ඒ සඳහා යොමු වන්නේ නම් හොඳයි. කෙසේ නමුත් විවාහ යෝග සම්මත වීම, ඔබගේ විවාහ සහකරු මුණ ගැසීම මේ කාලය තුළ වඩාත් යෝග්‍ය වේ. විශේෂයෙන් සඳුගේ, සෙනසුරුගේ දශා, අතුරු දශා, විදශා ගෙවන අය ප්‍රවේසමෙන්

සුබ වර්ණය සුදු- ජය අංක 9,25

මිථුන ලග්නය

මිථුන ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ග්‍රහ චාරය 5, 6 වැන්නේ සහ 7 වැන්නේ ගෝචර වන හෙයින් දුර බැහැර ගමන් බිමන්වලින් වළකින්න. එය ඔබට අනතුරු දායක හා පාඩු ඇතිවෙන බවක් පෙන්නුම් කරයි. තරග විභාග යෙදෙන දරුවෝ විශේෂයෙන් මේ කාලයේ සිත, කය වචනය පවා සංවර කරගෙන තමන්ගේ ශාස්තෲන් කෙරේ භක්තියෙන් ආශිර්වාදය ලබාගන්න. උදරය සහ හෘදය ආශ්‍රිත ගැටලු මතුවීමටත් උස්සන්න වීමටත් ඉඩකඩ පවතින කාලයක් වන නිසා ඒ පිළිබඳ වඩ වඩාත් සැලකිලිමත් වන්න. විශේෂයෙන් රවිගේ, සඳුගේ සහ සෙනසුරුගේ දශා, අතුරු දශා, විදශා ගෙවමින් පවතින අය ප්‍රවේසමෙන් කටයුතු කරන්න. අපි නිවැරදි බෝධි පූජාවක් සහ නවග්‍රහ පූජාවක් තබන ආකාරය පෙන්වා ඇත.

සුබ වර්ණය රන්වන්- ජය අංක 1,15

කටක ලග්නය

කටක ලග්නයෙන් උප්පත්තිය ලබා ඇති ඔබගේ චන්ද්‍රයාගේ ග්‍රහ චාරය 4, 5 වැන්නෙ සහ 6 වැන්නේ ගෝචරව පවතින බැවින් කටක ලග්න ඔබට ඉතා යහපත් කාලයක් වේ. ගේ දොර යාන වහන, වතුපිටි ඇතුළු සියලුම වත්කම් ගොඩනඟා ගතහැකි යහපත් කාලයකි. මෙතෙක් පැවති දේපළ ආරවුලක් නිරාකාරණය කරගත හැක. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ තරග විභාග කටයුතුවලින් ජයග්‍රහණය අත් කරගත හැක. ප්‍රේමය සම්බන්ධ ගැටලු නිරාකාරණය වේ. නව සම්බන්ධතා ගොඩනැඟෙ, තමන් වෙනුවෙන් අනුන්ගේ සිත් පහන් වන අයුරින් කටයුතු කිරීමේ හැකියාව උදා වේ. කා අතරත් ජනප්‍රිය වේ. දෙවි මිනිසුන් අතර ප්‍රිය මනාප කෙනෙක් වේ. සෑම අතින්ම යහපත් වන කාලයක් උදා වේ. විශේෂයෙන්ම සිකුරුගේ, සඳුගේ, ගුරුගේ මහා දශා අතුරු දශා විදශා ගෙවන අයට යහපත්ය.

සුබ වර්ණය කහ- ජය අංක 22,31

සිංහ ලග්නය

සිංහ ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ගෝචර ගමන 3, 4 වැන්නේ සහ 5 වැන්නේ චන්ද්‍රයා ගෝචරව පවතින හෙයින් මේ කාලය තුළ අනුන්ගේ යහපත පිණිස කටයුතු කරන කාලයකි. දේශපාලන කටයුතුවලට අවතීර්ණ වන අයට යහපත්. කා අතරත් ජනප්‍රිය වේ. සමාජ සේවා කටයුතුවලට මුල් තැන දී කටයුතු කිරීමේ හැකියාව ලැබේ. අන් අයගේ උදව් උපකාර ලබාගත හැකි කාලයකි. සමහර අවස්ථාවල දී මුදල් නිකරුණේ වියදම් කරයි. කාලෙකින් ලැබෙන යහපත් කාලයක් වන බැවින් ඉන් ප්‍රයෝජන ගත හැකියාව ඇත. පවුලේ සමගිය වර්ධනය වේ. බාහිරව පැවති ගැටලු නිරාකාරණය කරගත හැක. මුදල් අත මිට ගැවසේ. දුෂ්කර ගමන් වලිනුත් වාසි සලසා ගතහැක. සිකුරුගේ, ගුරුගේ සාදුගේ මහ දශා ගෙවමින් පවතින අයට ඉතාමත් සුබදායි කාලයක්ද, සෙනසුරුගේ මහා දශා, අතුරු දශා ගෙවන අයට අපල ඇති කරන්නේ අෂ්ට ම එරාෂ්ටක අපල ඇති බැවිනි.

සුබ වර්ණය – ළා නිල්- ජය අංක 25,34

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ග්‍රහ චාරය 2, 3 වැන්නේ සහ 4 වැන්නේ චන්ද්‍රයා ගෝචර වන හෙයින් ඔබට ඉතාමත් සුබ වාසනාවන්ත කාලයක් උදා කරයි. මිල මුදල් හරි හම්බ කිරීමේදී මතුවන ගැටලු මඟ හරවා ගත හැක. ණය තුරුස්වලින් නිදහස් වීමට කාලය උදා කරයි. දක්ෂතා ඉස්මතුකරගෙන කැපී පෙනෙන චරිතයක් වීමට වාසනාවන්ත වේ. කාගේත් හොඳ හිතදිනා වර්ධනය වීමට අවස්ථාව උදාවේ. සමාජ සේවයේ නිරත අයට කාගේත් ආකර්ෂණය ඇතිවේ. ක්‍රීඩා සහ තරග කටයුතුවලින් වාර්තාගත ජයග්‍රහණ අත්කරගත හැකි කාලයක් උදාවන බව පෙනේ.

සුබ වර්ණය රතු- ජය අංක 14,18

තුලා ලග්නය

තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයේ සහ දෙවැන්නේ සහ 3 වැන්නේ චන්ද්‍රයා ගෝචර වන හෙයින් ඔබට ඉතා හොඳින් ජීවිතය කළමනාකරණය කරගත හැකි කාලයක් උදාවේ. කවුරුත් ආදරය ගෞරවය කරයි. පැහැදිලි අනාගතයක් ගොඩනංවා ගැනීමට සුදුසු කාලයකි. ලොතරැයි වාසනා උදාකරගන්න හැකියාව ඇතිවේ. භූමි ලාභ, කෘෂි කාර්මික ලාභ සහ කාර්මික ක්ෂේත්‍රයේ රැකියාවේ නිරත අයට ඉතාමත් හොඳ කාලයකි. වැඩ වැඩිවන සහ කරන වැඩ වෙනුවෙන් අලුතින් සේවකයන් එකතු කරගැනීමට සුදුසුම, හොඳම කාලය මෙය වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. වැදගත් කමක් සහ ඔබට ඇති පිළිගැනීම වැඩිවන කාලයක් වේ.

සුබ වර්ණය තැඹිලි- ජය අංක 2,39

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ 12, ලග්නයේ සහ චන්ද්‍රයා දෙවැන්නේ ගෝචර වන හෙයින් ඔබට දුර බැහැර ගමන් වලින් වාසි සැලසේ. බාහිර පරිසරයට සම්බන්ධ කටයුතුවල නිරත වන අයට ඉතාමත් හොඳ කාලයකි. ස්වභාව ධර්මයට නැඹුරුව කටයුතු කළහැකි කාලයක් උදා වේ. පරණ මිතුරුකම් වර්ධනය කරගත හැක. අත් හැරුණු ඥාති සම්බන්ධයක් නැවත අලුත් වේ. කාලාන්තරයක් තුළ පැවති හිත් අමනාපකම් දුරුකර සහයෝගයෙන් ජීවත් විය හැක. අත මිට මිල මුදල් ගැවසුණ ද වියදම් පස වැඩිවේ. සෙනසුරුගේ, කුජගේ, රාහුගේ මහදශා, අතුරුදශා, විදශා ගෙවන අය කල්පනාවෙන් කටයුතු කරන්න.

සුබ වර්ණය නිල්- ජය අංක 12,16

ධනු ලග්නය

ධනු ලග්නයෙන් උපන් ඔබගේ චන්ද්‍රයාගේ ග්‍රහ චාරය 11 වැන්නේ දොළොස්වැන්නේ සහ ලග්නයේ ගෝචරය සිදුවෙන බැවින් මේ කාලය තුළ ඔබට ඉතා විශ්වාසදායකව වැඩකටයුතු කිරීමෙන් තම ජීවිතය සාර්ථක කරගත හැකිය. පවුලේ අය වෙනුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවේ. මහන්සියේ තරමට ප්‍රතිඵල නැත. අනුන් වෙනුවෙන් කැප වුවත් හොඳ නම අහන්න වෙන්නේ නැත. උත්සාහය උනන්දුව මත දියුණුව සලසා ගතහැක. පෞද්ගලික ගමන් බිමන් යෙදෙන කාලයකි. ආගමික කටයුතු කෙරෙහි දැඩි නැඹුරුතාවයකින් කටයුතු කොට සිත සනසවා ගත හැක. රැකියාවේ කටයුතු වෙනුවෙන් කැපවීම අනිවාර්ය වේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් පාඩු සිදුවිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.

සුබ වර්ණය ළා පාට- ජය අංකය 6,33

මකර ලග්නය

මකර ලග්නයෙන් උපන් ඔබගේ 9,10 වැන්නේ සහ චන්ද්‍රයා 11 වැන්නේ ගෝචර වන අතර මකර ලග්න ඔබට මේ සතිය සුබදායක සතියක් වේ. මූල්‍යම ය ගැටලුවක් නිරාකාරණය කරගැනීමට තෙවන පාර්ශ්වයකින් සහයෝගය ලැබේ. රැකියා ලාභ බලාපොරොත්තු වූ රැකියාවක් ලැබීමට වාසනාවන්ත වේ. විදේශ ගමන්වලට ද සුබදායකයි. කෘෂි කාර්මික කටයුතුවල, භූමිය භාවිතයෙන් කරන කටයුතුවලින් ලාභ හිමිවේ. සතියේ මුල් භාගයේදී ධන වාසනා, ස්විප් ලොතරැයි වාසනා මෙන්ම භූමි ලාභ හිමි වන කාලයකි. සතියේ මැද භාගයේදී නිවාස ලාභ හෝ මඟ නතර වූ නිවාස කටයුත්තක් වෙනුවෙන් කාලය, ශ්‍රමය, ධනය වැය කිරීමට සිදුවේ. ඉන් ඔබට වාසි සැලසේ. සති අන්තයේ දී වැරදි ගනුදෙනුවලින් ප්‍රවේසම් වන්න. නීතිමය ගැටලුවලට මුහුණපෑමට සිදුවේ.

සුබ වර්ණය ළා දම්- ජය අංක 19,21

කුම්භ ලග්නය

කුම්භ ලගන්යෙන් උපන් ඔබගේ 9, 10 වැන්නේ සහ චන්ද්‍රයා 11 වැන්නේ ක්‍රියාත්මක වන හෙයින් දෙවැන්නේ සෙනසුරු ගෝචර වන නිසාත් ඔබගේ ලග්න එරාෂ්ටක අපල කාලයේ බලපෑම ප්‍රබලව පවතින මේ කාලය ඔබට යම් තරමක කාලයකට පසුව දැනෙන සැනසීමක් ලැබෙන මාසයක් බව කිව හැක. ආර්ථිකය යම් තරමක පසුබෑමක් පැවතිය ද මේ කාලය හරිහැටි කළමනාකරණය කර ගතහොත් ඔබගේ දියුණුව වර්ධනය කරගත හැකි වන පරිදි කටයුතු කළ හැක. මෙතෙක් පවති ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට කදිම කාලයක් වේ. රැකියාව පිළිබඳ තිබූ ගැටලුවක් නිරාකරණය වේ. හවුල් ව්‍යාපාරවලට සුදුසු කාලයකි. නව රැකියා බලාපොරොත්තු ඉටු කරගත හැක. පවුලේ සමගිය සමාදානය ගොඩනැඟේ. උසස් අධ්‍යාපනයේ යෙදෙන අයට මේ කාලය යහපත් වේ. නව නිර්මාණ සහ සාහිත්‍යය, කලා කටයුතුවලට යහපත් වන කාලයකි. ඉතා සුන්දර රසවත් නිර්මාණ බිහිකළ හැක. ඉන් හොඳ ආදායමක් ද ඉපයිය හැක. කාලෙකින් ලැබෙන මේ සුබ කාලය තුළ ඔබගේ යහපත් ආකල්ප වර්ධනය කරගන්නේ නම් මැනවි.

සුබ වර්ණය රතු – ජය අංක 14,21

මීන ලග්නය

මීන ලග්නයෙන් උපන් ඔබගේ 8,9 වැන්නේ සහ චන්ද්‍රයා 10 වැන්නේ බලපැවැත්වෙන හෙයින් අපායේ සහ දිව්‍ය ලෝකයේ යතුරු දෙකම ඔබ අතට පත් වනු ඇත. ඉන් ඔබ යන්න ගමනක් ලැබුණොත් ඔබ යන්නේ අපායට ද දිව්‍ය ලෝකයට ද කියා ඔබම තීරණය කළ යුතුය. සමහරවිට ගමන වැරදුනහොත් ඔබට ජීවිත කාලයට ම පසු තැවීමට සිදුවේ. මේ කාලය තරමක අපල කාලයක් වන අතර වැටීම් තැලීම් හදිසි අනතුරු ඇතිවිය හැක. ගෘහ ආශ්‍රිත ඇතිවන අනතුරු වැඩිවේ. ඔබගේ කුඩා දරුවන් ප්‍රවේසම් කරගන්න. ඔවුන්ට මේ කාලය වැඩිපුර අපල පෙන්වන නිසා නිවස තුළ දැඩි ආරක්ෂාවක් රැකවරණයක් ඔවුන්ට ලැබිය යුතුවේ. තම තමන්ගේ ශාස්තෲන් වහන්සේලා උදෙසා නිසි ලෙස වතාවත් ඉෂ්ට කර ඒ සඳහා ඔවුන් යොමු කිරීම ඉතා වැදගත්, සෙනසුරුගේ, රාහුගේ, කේතුගේ සහ අඟහරුගේ මහා දශා, අතුරු දශා, විදශා ගෙවමින් පවතින අය වැඩිපුර ප්‍රවේසමෙන් කටයුතු කරන්න.

සුබ වර්ණය – රෝස- ජය අංක 24,32

ජ්‍යොතිෂවේදී, ගුප්තවිද්‍යා, වාස්තුවිද්‍ය, හස්තරේකා පාඨමාලා උපදේශකආචාර්ය ඉනෝකා චතුරානි හපුආරච්චි070 720 5517/077 106 6810