ජූනි 30 අඟහරුවාදා දවස පුරාම පංචාංග ශුද්ධිය පවතින අතර පුවසල නැකැත යෙදී ඇත. අටවිසි මහා යෝග චක්‍රය අනුව ඡත්‍ර යෝග බලය ද, අමෘත යෝග බලය ද මෙදින පවතී. අස්විද, මා, මුල, පුෂ, අනුර, උත්‍රපුටුප, අද, සා, සියාවස, කැති, උත්‍රපල්, උත්‍රසල, රෙහෙණ, හත, සුවණ යන නැකැත් හිමියන්ගේ ශිල්ප ශාස්ත්‍ර, ර…

ජූනි 30 අඟහරුවාදා දවස පුරාම පංචාංග ශුද්ධිය පවතින අතර පුවසල නැකැත යෙදී ඇත. අටවිසි මහා යෝග චක්‍රය අනුව ඡත්‍ර යෝග බලය ද, අමෘත යෝග බලය ද මෙදින පවතී. අස්විද, මා, මුල, පුෂ, අනුර, උත්‍රපුටුප, අද, සා, සියාවස, කැති, උත්‍රපල්, උත්‍රසල, රෙහෙණ, හත, සුවණ යන නැකැත් හිමියන්ගේ ශිල්ප ශාස්ත්‍ර, රසායනික වැඩ ආදියට ද යොදා ගත හැක. මෙදින පෙරවරු 5.28 සිට පසුදා පෙරවරු 7.39 දක්වා සිංහකරණය පවතින බැවින් එම කාලය ගොවිතැන් කටයුතු සඳහා ඉතා සුදුසුය.

ජූලි 04 වන සෙනසුරාදා පංචාංග ශුද්ධිය සහිත සුබ දිනයකි. දෙනට නැකැත පවතින අතර ප්‍රවර්ධමා යෝගයෙන් හා සිද්ධි යෝග බලයෙන් ද පෝෂිතය. රෙහෙණ, හත, සුවණ, අද, සා, සියාවස, පුනාවස, විසා, පුවපුටුප, අස්ලිස, දෙට, රේවතී, බෙරණ, පුවපල්, පුවසල යන නැකැත් හිමියන්ට සීහේ. මෙදින පස්වරු 12.39 සිට පසුදා (05) පස්වරු1.29 දක්වා දිවිකරණය පවතින බැවින් එම කාලය ගොවිතැන් කටයුතු සඳහා යොදා ගත හැක.

(මෙම දිනවල නැකැත් යොදා ගැනීමේදී තම කාර්යය වඩාත් සාර්ථක කර ගැනීමට නම් ජෝතිෂ්‍යවේදියෙකුගෙන් පෞද්ගලිකව උපදෙස් ලබා ගැනීම සුදුසුය.)

වාස්තු විද්‍යා විශාරද,ජ්‍යොතිර්වේදී, දේශමාන්‍ය ආචාර්ය –කපිල ඉන්ද්‍රික ගුණදාස.මාලිබොඩ- දැරණියගල.076 824 8000