අගෝස්තු 30 වැනි ඉරිදා සුස්ථිර නම් අටවිසි මහා යෝගය ද පංචාංගයෙන් කරුණු හතරක් ද සම්පූර්ණව පවතී. උත්‍රපුටුප නැකත පවතින බැවින් අස්විද, මා, මුල, අස්ලිස, දෙට, රේවතී, පුනාවස, විසා, පුවපුටුප, මුවසිරස, සිත, දෙනට, කැති, උත්‍රපල්, උත්‍රසල යන නැකැත් හිමි දරුවන්ගේ සුබ කටයුතු, විවාහ මංගල කටයුත…
අගෝස්තු 30 වැනි ඉරිදා
සුස්ථිර නම් අටවිසි මහා යෝගය ද පංචාංගයෙන් කරුණු හතරක් ද සම්පූර්ණව පවතී. උත්‍රපුටුප නැකත පවතින බැවින් අස්විද, මා, මුල, අස්ලිස, දෙට, රේවතී, පුනාවස, විසා, පුවපුටුප, මුවසිරස, සිත, දෙනට, කැති, උත්‍රපල්, උත්‍රසල යන නැකැත් හිමි දරුවන්ගේ සුබ කටයුතු, විවාහ මංගල කටයුතු, නිවාස ඉදිකිරීම් කටයුතු ,වෙළෙහෙළඳාම්, වෙදකම්, රථ වාහන සම්බන්ධ කටයුතු, කෘෂිකාර්මික කටයුතු, මුදල් සම්බන්ධ කටයුතු, ගිවිසුම් අත්සන් කිරීම, රැකියා භාර ගැනීම, වෙහෙර විහාර, දේවස්ථාන ආදී ආගමික කටයුතු ආදිය සඳහා සුබදායකය.
සැප්තැම්බර් 01 වැනි අඟහරුවාදා
පෙරවරු 7.43 සිට දවස පුරාම දිවිකරණය පවතී. පෙරවරු 6.15 ට නැඟෙනහිර දිශාව බලා වගා කටයුතුවලට සුබදායකයි.
සැප්තැම්බර් 04 සිකුරාදා
මිත්‍ර යෝගය ද පංචාංගයෙන් කරුණු හතරක් ද සම්පූර්ණව පවති. රවි, සදු,ගුරු, සිකුරු යන ග්‍රහයන්ද බලවත්ව සිටී. රෙහෙණ නැකැත පවතින බැවින් නිවාස සම්බන්ධ කටයුතු, විවාහ මංගල කටයුතු, වෙළහෙළඳාම්,වෙදහෙදකම් කටයුතු, කෘෂිකාර්මික කටයුතු, රථවාහන සම්බන්ධ කටයුතු, රැකියා භාරගැනීම්, ගිවිසුම් අත්සන් කිරීම්, වෙහෙර විහාර, දේවස්ථාන ආදී ආගමික කටයුතු, ගමන් බිමන් සහ කුඩා දරුවන්ගේ සියලු කටයුතු සුබදායකය. මුවසිරස, සිත, දෙනට, අද, සා,සියාවස, කැති, උත්‍රපල්, උත්‍රසල, අස්විද, මා මුල, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත් හිමියන්ට මෙදින ඉතා හොදින් සීහේ. මෙදින දවස පුරාම සිංහකරණය ද පවතින බැවින් ගොවිතැන් කටයුතු සඳහා ඉතාමත් සුදුසුය. පෙරවරු 6.03 ට දකුණු දිසාව බලා සුබ කටයුතු සඳහා යොදා ගත හැක.
වාස්තු විද්‍යා විශාරද,ජ්‍යොතිර්වේදී, දේශමාන්‍යආචාර්ය – කපිල ඉන්ද්‍රික ගුණදාස.මාලිබොඩ- දැරණියගල.076 824 8000












