2026 ජූලි 26 සිට 2026 දෙසැම්බර් 10 දක්වා සෙනසුරු වසර විසි නමයකට පසුව 2025 මාර්තු මස 29 දින මීන රාශිගත විය. ඒ එන ගමනේදී 2025 ජූලි මස 13 දින වක්‍ර විය. යළි නොවැ. 29 දින නිවෘත විය. මෙසේ අංශක 20 කලා 31 ක දුරක් පැමිණි සෙනසුරු, දෙවන වරට ද 2026 ජුලි 26 දින සිට වක්‍ර ගමනකට සැරසේ. මෙසේ 2…

2026 ජූලි 26 සිට 2026 දෙසැම්බර් 10 දක්වා

සෙනසුරු වසර විසි නමයකට පසුව 2025 මාර්තු මස 29 දින මීන රාශිගත විය. ඒ එන ගමනේදී 2025 ජූලි මස 13 දින වක්‍ර විය. යළි නොවැ. 29 දින නිවෘත විය. මෙසේ අංශක 20 කලා 31 ක දුරක් පැමිණි සෙනසුරු, දෙවන වරට ද 2026 ජුලි 26 දින සිට වක්‍ර ගමනකට සැරසේ. මෙසේ 2026 දෙසැම්බර් 10 දින තෙක් ආපස්සට ගමන් කරන සෙනසුරු, ජනතාවට මහත් සේ පීඩා ඇති කිරීමට පුළුවන. මහජනතාව නියෝජනය කරන සෙනසුරු මීන රාශියේ රේවතී නැකතේ දෙවැනි පාදයේ ගමන් කරයි.

දුකට අධිපති වන ශනි, වාතයට ද ඊයම්, මිනිරන්, මෙහෙකරුවන්, සමාගම්, තෙල්, ධන ධාන්‍ය, ගොවිතැන, රූස්ස ගස්, ගල්, ගනඳුර, කිලිටි වස්ත්‍ර, ගිනිකොන නාග ලෝකය, යුද භූමි, විෂ වායුව ආදී කී නොකී දේවලට කාරකත්වය දරයි. වක්‍ර ගමන නොයෙක් ලෙසින් ජනතාවට කරදර බාධක ඇති කිරීමට හේතුවනු ඇති. ලෝකායන කේන්ද්‍රයේ මීන රාශිය වන්නේ දොළොස් වැන්නයි. කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ දෙවැන්නයි. නෙප්චූන්ද මීන රාශියේ ගමන් කරයි. නෙප්චුන් ජනතා සිත් අවුස්සන සිත් බිඳවන ඛනිජ තෙල් පොළොවෙන් ලැබෙන දෙයට ද භූත දෝෂවලට ද මායා බන්ධන අභිරහස් දේවලට ද මත් වතුර අබින් (ගංජා) ආදී දේවලට දසාහසික දේවලට ද සම්බන්ධයි. නෙප්චූන් ශනි සමග යෝග වී ජනතා සිත් කැලඹීමට ද පෙළඹිය හැකියි. ලංකා කේන්ද්‍රයේ ධනස්ථානය වන මීන රාශිය තුළ සිටින ශනිගෙන් ආර්ථිකයට බලපෑම් ඇතිවන බව පෙනේ. රාහු ලග්නයේය. ශනිගෙන් තුන්වැන්නේ කුජය. ගුරු බලවත් වුවත් සතුරු රාශියක හෙයින් තෙල් අර්බුද විදුලිය, ගෑස් ආදියට ද බලපෑම් එල්ල වෙයි. මෙසේ වීමේදී ජනතා උද්ඝෝෂණ රට පුරා ඇතිවෙමින් සහන ඉල්ලා පෙළපාලිවලට සහභාගී විය හැකියි.

කාන්තාවන් නියෝජනය කරන සිකුරු බාධක ග්‍රහයෙක් වෙමින් සමගියට බාධා ඇති කිරීම තුළින් නොයෙක් කරදර මතුවිය හැකිවේ. ලංකාව බුදු දහම වැලඳ ගත් ධාර්මික රටකි. සිංහල ජනතාවත් බුදු දහමත් එකට බැඳී තිබේ. අතීතයේ සිටම කරුණාව, දයාව, අනුකම්පාව, නැතිබැරි අයට පිහිටවීම්, වෙනත් විහාර කර්මාන්ත ආදී නොයෙක් අන්දමින් ශාසනය රැකගැනීමට බණ දහම් පිරීමට හැඩගැසුණ මිනිසා දැන් දැන් පෙරලෙන ලෝකයක් සමඟ වියරු වැටෙමින් කටයුතු කරන බව පෙනේ. මෙසේ වන්නේ නම් ලෝක විනාශය එන්න එන්නම අප ළඟට එනු ඇති.

නොයෙකුත් විනාශකාරී දේවල් නායයාම්, කඳු කඩා වැටීම්, මාර්ග අනතුරු, දියේ ගිලීම් ආදිය නොමිනිස් ගති නිසා ඇතිවිය හැකි දේවල් විය හැකියි. දෙවියන්ද කෝපවී ඇත. වෛරයෙන්, කෝපයෙන් වියරු වී පිල් බෙදී යුද කරන අය සටන් කරන අය මැරි මැරී යක්ෂ භූතයින් මෙන් ඉපදී ලෝකය රට ජාතිය ආදිය වෛරයෙන්, කෝපයෙන් විනාශ කරන්නට අර අදිනවා විය හැකි කාලයකි. ඒ නිසා සැවොම සිහියෙන් තම ආගම සිහිකර ධාර්මිකව ඉවසීමෙන් කටයුතු කරත්වා!

සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී –කිවිපති විමලසේන කුමාර071 814 2353