මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත ජනප්‍රිය පාසැල් සදහා ඇතුලත් කර ගන්නා ලකුණු පසුව නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පවසනවා. ඇය කියා සිටියේ ප්‍රතිපල නැවත සමීක්ෂණ දිනය ද පසුව දැනුම් දෙන බවයි. මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පදනම්…

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත ජනප්‍රිය පාසැල් සදහා ඇතුලත් කර ගන්නා ලකුණු පසුව නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පවසනවා. ඇය කියා සිටියේ ප්‍රතිපල නැවත සමීක්ෂණ දිනය ද පසුව දැනුම් දෙන බවයි.

මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පදනම් කරගනිමින් දරුවන්ට ශාරීරික දඬුවම් පැමිණවීම, ඔවුන් මානසික හිංසනයට ලක්කිරීම සහ මාධ්‍ය ඔස්සේ දරුවන් අපහසුතාවයට පත්කිරීමෙන් වහාම වළකින ලෙස බලධාරීන් දැඩි ලෙස දැනුම් දෙනවා. එවැනි ක්‍රියා ළමා හිංසනය යටතේ දඬුවම් ලැබිය හැකි බරපතල වැරදි වන බැවින්, ඊට සම්බන්ධ වන පුද්ගලයින්ට එරෙහිව උපරිම ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවයි අනතුරු අඟවා සිටින්නේ. විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ ඇතැම් දෙමාපියන් සහ ගුරුවරුන් විසින් අපේක්ෂිත ලකුණු මට්ටම් ලබා ගැනීමට නොහැකි වන දරුවන් විවිධ මානසික හා ශාරීරික පීඩනයන්ට ලක්කිරීමේ ප්‍රවණතාවක් පවතින බව පෙන්වා දෙනවා. එලෙස දරුවන්ට දඬුවම් කිරීම හෝ මානසිකව ඇදවැටෙන අයුරින් කටයුතු කිරීම නීතිය හමුවේ බරපතල වරදක්. ඊට අමතරව, විභාග ප්‍රතිඵල උද්දීපනය කරමින් දරුවන් අපහසුතාවයට පත්වන ආකාරයෙන් ජනමාධ්‍ය හෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම ද සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. යම් හෙයකින් දරුවෙකුට ශාරීරික හෝ මානසික හිංසනයක් සිදුකළහොත් හෝ මාධ්‍ය ඔස්සේ දරුවෙකුගේ අයිතිවාසිකම් සහ ආත්මගෞරවය කෙලෙසන අන්දමින් කටයුතු කළහොත්, ඊට වගකිවයුත්තන්ට එරෙහිව කිසිදු තරාතිරමකින් තොරව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි වැඩිදුරටත් අවධාරණය කරන්නේ. මේ අතර ප්‍රවිණ ශිෂ්‍යත්ව දේශක සරත් ආනන්ද මහතාද මව්පියන්ගෙන් ඉල්ලීමක් ද කළා.