අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බලතල තවදුරටත් පුළුල් කරමින්, ඔහුගේ ප්‍රධාන දේශපාලන තීන්දු කිහිපයක් නිශේධනය කරමින් ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඇමෙරිකානු භූමිය තුළ උපත ලබන සැමට එරට පුරවැසිභාවය හිමිවීමේ ‘උපත් අයිතියෙ…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බලතල තවදුරටත් පුළුල් කරමින්, ඔහුගේ ප්‍රධාන දේශපාලන තීන්දු කිහිපයක් නිශේධනය කරමින් ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඇමෙරිකානු භූමිය තුළ උපත ලබන සැමට එරට පුරවැසිභාවය හිමිවීමේ ‘උපත් අයිතියෙන් පුරවැසිභාවය‘ ලෙස දීර්ඝ කාලයක් පැවති නීතිමය මූලධර්මය අහෝසි කිරීමට ජනාධිපතිවරයා ගත් උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශේධනය කර ඇති බවයි. විනිසුරුවරුන් නව දෙනෙකුගෙන් යුත් මඩුල්ලේ බහුතර කැමැත්තෙන් මෙම තීන්දුව ලබා දී තිබෙනවා. කෙසේවෙතත් මෙම අධිකරණ තීන්දුව පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ මෙය ”රටට අවාසනාවන්ත තත්ත්වයක්” බවයි. මේ අතර ජනාධිපතිවරයා ලැබූ මෙම ඓතිහාසික පරාජය මධ්‍යයේ වුවද, ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතරය විසින් ජනාධිපතිවරයාගේ විධායක බලතල පෙර නොවූ විරූ ලෙස පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ස්වාධීන රාජ්‍ය නියාමන ආයතනවල සාමාජිකයන් ප්‍රතිපත්තිමය මතභේද මත ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙනු ඇති. මීට අමතරව, මෙවර මැතිවරණ නීති සම්බන්ධයෙන්ද ට්‍රම්ප් පාර්ශවයට වාසිදායක තීන්දු කිහිපයක් ලැබී ඇති අතර, දේශපාලන පක්ෂවල මැතිවරණ වියදම් සීමා ලිහිල් කිරීමටත්, සුළුතර ජාතීන්ට වාසි සහගත ලෙස සකස් කර තිබූ ඡන්ද කොට්ඨාශ සීමා නිර්ණයන් අහෝසි කිරීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබෙනවා. නීති විශාරදයන් පවසන්නේ ඇතැම් ප්‍රතිපත්තිමය කරුණු වලදී ට්‍රම්ප් පරාජය ලැබුවද, සමස්තයක් ලෙස මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු මඟින් අමෙරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරයෙකුට හිමිවූ පුළුල්ම විධායක බලතල ව්‍යුහය ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත හිමිකර දී ඇති බවයි.

