ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීමට අදාලව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ගෙන තිබෙන තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණ රිට් ආඥාවක් නිකුත් කළා. ශ්‍රී ලංකා එක් දින හා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් විසින්…

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීමට අදාලව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ගෙන තිබෙන තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණ රිට් ආඥාවක් නිකුත් කළා. ශ්‍රී ලංකා එක් දින හා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් විසින් ඉදිරිපත් කළ පෙත්සම් වල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා. කෙසේ වෙතත් මෙම කරුණ සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් ඉදිරියේදී ගනු ලබන තීරණවලට අගතියක් නොවන පරිදි මෙම නියෝගය නිකුත් කරන බවත් විනිසුරුවරු සඳහන් කළා.