ඩයලොග් අභියෝග කුසලාන ප්‍රමුඛ පෙළ පාසල් රග්බි පාපන්දු තරගාවලිය ශ්‍රී ලංකා පාසල් රග්බී පාපන්දු සංගමයේ මෙහෙය වීමෙන් දැන් ක්‍රියාත්මක “ඩයලොග් අභියෝග කුසලාන” ප්‍රමුඛ පෙළ පාසල් වයස අවුරුදු 19 න් පහළ බාලක රග්බි පාපන්දු තරගාවලියේ ශූරයන් මෙන්ම අනු ශූරයන් තීරණය කෙරෙන අවසන් සතියේ තරග අද සහ…
ඩයලොග් අභියෝග කුසලාන ප්‍රමුඛ පෙළ පාසල් රග්බි පාපන්දු තරගාවලිය ශ්‍රී ලංකා පාසල් රග්බී පාපන්දු සංගමයේ මෙහෙය වීමෙන් දැන් ක්‍රියාත්මක “ඩයලොග් අභියෝග කුසලාන” ප්‍රමුඛ පෙළ පාසල් වයස අවුරුදු 19 න් පහළ බාලක රග්බි පාපන්දු තරගාවලියේ ශූරයන් මෙන්ම අනු ශූරයන් තීරණය කෙරෙන අවසන් සතියේ තරග අද සහ හෙට පැවැත්වේ. සුපිරි සය දෙනාගේ වටයේ සිව් වන සතිය යටතේ මෙම තරග ත්‍රිත්වයම ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව හෙට (27 දින) ක්‍රියාත්මක කෙරෙන මහනුවර ත්‍රිත්ව විදුහල සහ බම්බලපිටිය සාන්ත පීතර විදුහල අතර තරගයට වැඩි අවධානය යොමු වී තිබීම කැපී පෙනෙයි. මෙතෙක් ක්‍රියාත්මක කෙරුණු තරග ආශ්‍රිතව අපරාජිත බව සනාථ කර ගැනීමට සමත් වූ එකම පාසල බවට මහනුවර ත්‍රිත්ව විදුහල ඉදිරියෙන් පසු වුවත් හෙට (27 දින) බම්බලපිටියේ දී ක්‍රියාත්මක කෙරෙන සාන්ත පීතර විදුහල අතර තරගයේ ප්‍රතිඵලය මත මෙවර තරගාවලියේ ශූරයන් තීරණය වනු නොඅනුමානය. ත්‍රිත්ව විදුහල ලකුණු 24 ක් රැස්කර ගනිමින් පෙරමුණේ පසු වන අතර වාරයේ දී ලකුණු 19 ක් සමගින් තෙවැනි ස්ථානයේ පසු වන්නට සාන්ත පීතර විදුහලට හැකියාව ලැබී තිබේ. මේ වන විට ලකුණු 20 ක් සහිතව දෙවැනි ස්ථානයේ පසු වන්නට කොළඹ සහිරා විදුහල සමත් වී සිටිති. කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව හෙට (27) පැවැත් වෙන තරගය ජය ගැනීම තුළ මෙවර ශූරතාව හෝ අනු ශූරතාව තහවුරු කර ගැනීමේ හැකියාව ද සහිරා විදුහල ඉදිරියේ පවතී. එසේ තීරණය වන්නට නම් සාන්ත පීතර විදුහල හමුවේ ත්‍රිත්ව විදුහල පරාජය වී තිබීම ද සිදු විය යුතුය. “ඩයලොග් අභියෝග කුසලාන” තරගාවලියට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන “පළඟ” අංශයේ ශූරයන් සහ අනු ශූරයන් තීරණය කෙරෙන තරග ත්‍රිත්වයම හෙට (27 දින) ක්‍රියාත්මක කෙරෙන අතර “බඳුණ” අංශයේ ශූරයන් සහ අනු ශූරයන් සොයා ගැනීම සඳහා තරග ත්‍රිත්වයක් අනිද්දා (28 දින) පැවැත්වේ. 26 වෙස්ලි විදුහල සහ රාජකීය විදුහල අතර කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණය27 ත්‍රිත්ව විදුහල සහ සාන්ත පීතර විදුහල අතර බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩාංගණය 27 සහිරා විදුහල සහ ඉසිපතන විදුහල අතර කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණය “පළඟ” අංශය 27 තර්ස්ටන් විදුහල සහ ආනන්ද විදුහල අතර තරගය රත්මලානේ දී27 ශ්‍රී සුමංගල විදුහල සහ සාන්ත ජෝශප් විදුහල අතර තරගය පල්ලේකැලේ දී 27 සාන්ත තෝමස් විදුහල සහ සාන්ත අන්තෝනි විදුහල අතර තරගය ගල්කිස්සේ දී “බඳුණ” අංශය 28 ඩී.එස්.සේනානායක විදුහල සහ මහානාම විදුහල අතර තරගය හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ දී28 විද්‍යා විදුහල සහ වේල්ස් කුමාර විදුහල අතර තරගය ගල්කිස්සේ දී 28 කිංග්ස්වුඩ් විදුහල සහ ලුම්බිණි විදුහල අතර තරගය මහනුවර දී අනුරුද්ධ හේරත් බණ්ඩාර

