පිළිකා රෝගීන්ගේ සී.ටී. ස්කෑන් පරීක්ෂණ සිදුකිරීම ප්‍රමාදවීම හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් 800 කට වැඩි පිරිසකගේ ප්‍රතිකාර කටයුතු ඇනහිට ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. .ක්‍ගඔග ීසපමක්එසදබ. පරීක්ෂණය සිදු කිරීමට අවශ්‍ය වන නව සී.ටී. යන්ත්‍රය ස්ථාපනය කිරීම මේ…

පිළිකා රෝගීන්ගේ සී.ටී. ස්කෑන් පරීක්ෂණ සිදුකිරීම ප්‍රමාදවීම හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් 800 කට වැඩි පිරිසකගේ ප්‍රතිකාර කටයුතු ඇනහිට ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

.ක්‍ගඔග ීසපමක්එසදබ. පරීක්ෂණය සිදු කිරීමට අවශ්‍ය වන නව සී.ටී. යන්ත්‍රය ස්ථාපනය කිරීම මේ වනවිට අවසන්ව ඇතත්, එම යන්ත්‍රය රෝහලට භාර ගැනීම නිසි පරිදි සිදු නොවූයේ යැයි පවසමින් මෙලෙස සී.ටී. පරීක්ෂණ සිදුකිරීම ප්‍රමාද වෙමින් පවතින බව, එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා ‘දිවයින’ට ඊයේ (26දා) පැවසීය.

පිළිකා රෝගීන්ගේ ලීනියර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාර සේවාව ආරම්භ කිරීමට පෙර, ප්‍රතිකාරය සැලසුම් කිරීම සඳහා මෙම සී.ටී. පරීක්ෂණය අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවත්, මෙම පරීක්ෂණය ප්‍රමාදවීම මත රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාරය ප්‍රමාදවීම බරපතළ තත්ත්වයක් බවත් හෙතෙම සඳහන් කළේය.

අදාළ යන්ත්‍රය භාර ගැනීමේ කටයුත්ත සඳහා ්ජජැචඒබජැ කමිටුවක් පත් කිරීම රෝහල් අධ්‍යක්ෂවරයා විසින් මෙම මස පළමු සතියේ සිදුකළත්, රෝහලේ යම් පාර්ශ්වයන්ගේ බලපෑම් හේතුවෙන් මෙම යන්ත්‍රය භාර ගැනීමේ කටයුත්ත දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටින බව වාර්තාවී ඇතැයි ද රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

සුජීව තත්සර