සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඇතැම් නිලධාරීන්ගේ අකටයුතු පිළිබඳ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය විමර්ශන ආරම්භ කර තිබෙනවා. සිවිල් ක්‍රියාකාරිකයකු වන දිනේෂ් ද අල්විස් මහතා ඉකුත් අප්‍රේල් 27 වනදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් අනුවයි මෙම විමර්ශන ආරම්භ කර තිබෙන්නේ.…
සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඇතැම් නිලධාරීන්ගේ අකටයුතු පිළිබඳ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය විමර්ශන ආරම්භ කර තිබෙනවා. සිවිල් ක්‍රියාකාරිකයකු වන දිනේෂ් ද අල්විස් මහතා ඉකුත් අප්‍රේල් 27 වනදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් අනුවයි මෙම විමර්ශන ආරම්භ කර තිබෙන්නේ. සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඉහළ නිලයක් හොබවන තැනැත්තෙකු A3 – 20 එයාර් බස් ගුවන් නියමු බලපත්‍රය ලබාගෙන ඇත්තේ අනීතිකව බවට අදාළ පැමිණිල්ලෙන් කියවුණා. මේ පිළිබඳ ප්‍රකාශ සටහන් කර ගැනීමට දිනේෂ් අල්විස් මහතා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ඊයේ කැඳවා තිබුණු අතර එහිදී තමන් සතු සියලු සාක්ෂි නිලධාරීන් වෙත ලබා දුන් බවයි ඔහු නෙත් නිවුස් වෙත කියා සිටියේ. “ඒක වචනයෙන් දෙකෙන් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ලොකු විස්තරයක් ඇතුව විස්තර කරන්න ඕන දෙයක්. ඉතින් ඒ නිලධාරීන් සාවධානව අපේ කටඋත්තරය සටහන් කරගත්තා. මං හිතන්නේ නිලධාරීන්ටත් තේරෙන්න ඇති මෙහි සත්‍යාසත්‍යතාවය. ඔවුන් එයින් අනතුරුව එහි ඉදිරි කටයුතු සඳහා යොමුවෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ එහි අපි සදහන් කරපු නංගං ඇති පුද්ගලයින්ව ගෙන්නලා, ඒ පරීක්ෂණයට සාමාගි වෙච්ච ගුවන් නියමුවන් ගෙන්නලා, ඔවුන්ගෙන් කටඋත්තර අරගෙන, යම්කිසි කෙනෙක් නියෝගයක් දීලා තියෙනවා නම් බලපත්‍රය නිකුත් කරන්න කියලා ඔහුවත් ගෙන්නලා ඔහුගෙනුත් කටඋත්තරයකුත් අරගෙන, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කරලා තියෙනවා නම් අසමත් කෙනෙක්ගේ බැඳුම්කරය අය නොකර ඉන්න, ඉතින් ඒකට කොහොමද නෛතික බලයක් එවැනි අධ්‍යක්ෂක මණ්ඩලයකට ලැබෙන්නේ කියන එක ගැන පූර්ණ පරීක්ෂණයක් තියයි. මං හිතනවා ඒ පරීක්ෂණය සාර්ථකව ඔවුන්ට තියන්න පුළුවන් වෙයි කියලා.” සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඇතැම් නිලධාරීන්ගේ අකටයුතු නිසා ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය ජාත්‍යන්තරව බරපතළ අවදානමකට ලක්ව ඇති බව නෙත් නිවුස් ද අවස්ථා ගණනාවකදී පෙන්වා දුන්නා. ඉකුත්දා කෙරුණු ජාත්‍යන්තර විගණනයකින්ද ශ්‍රී ලංකාව අසමත් වී ඇති බවයි නෙත් නිවුස් සමග සංවාදයකදී දිනේෂ් ද අල්විස් මහතා ඉකුත්දා කියා සිටියේ. එහෙත් අදාළ විගණනය බරපතලව සැලකිය යුතු එකක් නොවන බවට ඇතැම් අය අදහස් පළ කරමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන්ද දිනේෂ් ද අල්විස් මහතා ප්‍රතිචාර දැක්වූවා “තව දෙයක් සඳහන් කරන්න ඕනා, මං YouTube එකේ දැක්කා මේ ළඟදි තිබුණා ICAO Audit එක ගැන, Preliminary Audit එක ගැන ඒක Mock Audit එකක් කියලා හඳුන්වා දෙමින් යම් බලධාරියෙක් ඒක බොහොම සැහැල්ලුවට අරගෙන ප්‍රකාශනයකුත් කරනවා. ඉතින් ඒ YouTube එකත් ඇත්තටම මෙහෙයවන පුද්ගලයා ගැන හොයලා බැලුවොත් ඔහුත් කලින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඉදලා යම් හේතුවකට එයින් ඉවත් කරපු පුද්ගලයෙක්. ඉතින් එවැනි මිනිස්සුන් නොමග යවන ප්‍රකාශ කිරීම ගැන මම ඇත්තටම කනගාටු වෙනවා. මම ඒ බලධාරියාට ආරාධනා කරනවා එතුමා කියන ඔය සුළුවෙන් Issue කරපු Findings ටික ICAO Audit එකේ අරගෙන එන්න, අපි මේ Neth FM ආයතනයෙම පුළුවන්නම් අපි ඒ ගැන සාකච්ඡාවකුත් තියමු, එතුමාට මම ආරාධනා කරනවා ගෞරවයෙන් එන්න කියලා.” ප්‍රශ්නගත විගණනයෙන් ශ්‍රී ලංකාව අසමත් වීම නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඇතැම් රටවලින් තහනමක් පැනවීමට ද ඉඩ තිබෙන බවයි නෙත් නිව්ස් සමග මීට පෙර කළ සංවාදයේදී දිනේෂ් ද අල්විස් මහතා කියා සිටියේ.












