සියලු‍ බන්ධනාගාර ජ්‍යේෂ්ඨ නිලධාරීන් හෙට (08) කොළඹට කැදවා තිබෙනවා. ඒ, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය වෙනත් බන්ධනාගාරවල ඇතිවීම වළක්වා ගැනීම සදහා ගත යුතු අවශ්‍ය පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි. ඒ අනුව එම විශේෂ සාකච්ඡාව හෙට පෙරවරු 7.30ට පැවැත්වීමට නියමිතයි. මීගමුව බන්ධනාගාරයේ…

සියලු‍ බන්ධනාගාර ජ්‍යේෂ්ඨ නිලධාරීන් හෙට (08) කොළඹට කැදවා තිබෙනවා. ඒ, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය වෙනත් බන්ධනාගාරවල ඇතිවීම වළක්වා ගැනීම සදහා ගත යුතු අවශ්‍ය පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි. ඒ අනුව එම විශේෂ සාකච්ඡාව හෙට පෙරවරු 7.30ට පැවැත්වීමට නියමිතයි. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මේ බව කියාසිටියා.