තායිලන්තයේ 14 හැවිරිදි පාසල් සිසුවෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයන් 22 දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අදාළ සිසුවා පළමුව තමා පදිංචිව සිටි නිවසේදී සිය සීයා සහ ආච්චි ඝාතනය කර තිබෙනවා. පසුව තමන් ඉගෙනුම ලැබූ…

තායිලන්තයේ 14 හැවිරිදි පාසල් සිසුවෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයන් 22 දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අදාළ සිසුවා පළමුව තමා පදිංචිව සිටි නිවසේදී සිය සීයා සහ ආච්චි ඝාතනය කර තිබෙනවා. පසුව තමන් ඉගෙනුම ලැබූ බැංකොක් නුවර, නෝන්තබුරි ප්‍රදේශයේ පාසලට ගොස් ගුරුවරුන් පස් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ. පසුව එම සිසුවා ද සියදිවි නසාගෙන තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් සිසුවෙකු ද පසුව මියගොස් ඇති බව තායි මාධ්‍ය වාර්තා කළා. ප්‍රහාරයට යොදාගත් ගිනි අවිය සහ පතොරම් අදාළ සිසුවාගේ සීයාට අයත් නීත්‍යානුකූල බලපත්‍ර සහිත ගිනි අවියක් බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සිද්ධියෙන් අනතුරුව අදහස් දැක්වූ තායිලන්ත අග්‍රාමාත්‍ය අනුටින් චාන්විරාකුල් සඳහන් කළේ, ප්‍රසිද්ධ ස්ථානවල ගිනි අවි ළඟ තබා ගැනීම සීමා කරමින් නව නීති හඳුන්වා දීමට කටයුතු කරන බවයි. ඒ අනුව නව නීතිමය සංශෝධනවලට අනුව ඉදිරියේදී ප්‍රසිද්ධ ස්ථානවල ගිනි අවි ළඟ තබා ගැනීමට අවසර හිමිවන්නේ රාජකාරි නිරත රාජ්‍ය නිලධාරීන්ට පමණක් බවද ඔහු අවධාරණය කර තිබෙනවා.