තංගල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ තලල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 38 දෙනෙකු තවදුරටත් මාතර මහරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසනවා. ගාල්ල සිට අම්පාර සහ තංගල්ල සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත…

තංගල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ තලල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 38 දෙනෙකු තවදුරටත් මාතර මහරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසනවා. ගාල්ල සිට අම්පාර සහ තංගල්ල සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි ගන්දර පොලිසිය පැවසුවේ. තුවාල ලැබූවන් අතර බස් රථ රියදුරන් දෙදෙනාද සිටිනවා. සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. The post තලල්ලේ බස් රථ අනතුරෙන් තුවාල ලැබූ පිරිස 38ක් දක්වා ඉහළට appeared first on Neth News.