එංගලන්ත – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජිමී ස්මිත්, ජෝර්දන් කොෂ් ඇතුළු එංගලන්ත පිතිකරණ බළඇණියේ විශිෂ්ට පිතිකරණයත්, ඔලී රොබින්සන් සහ ජොෆ්ර ආචර් ගේ අභියෝගාත්මක පන්දු යැවීමත් හේතුවෙන් සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට්…
එංගලන්ත – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය
ජිමී ස්මිත්, ජෝර්දන් කොෂ් ඇතුළු එංගලන්ත පිතිකරණ බළඇණියේ විශිෂ්ට පිතිකරණයත්, ඔලී රොබින්සන් සහ ජොෆ්ර ආචර් ගේ අභියෝගාත්මක පන්දු යැවීමත් හේතුවෙන් සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ද ලකුණු 194ක දැවැන්ත ජයක් ලබාගනිමින් තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලි ජය තහවුරු කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.
පසුගිය (27 දා) ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 290ක් ලබාගැනීමට සමත්වූ අතර, පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තාන කණ්ඩායමට ලබාගැනීමට හැකයාව ලැබුණේ සියල්ලන් දැවී ලකුණු 110ක් පමණි.
ඒ අනුව එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමේදී ලද ලකුණු 180ක වාසියත් සමගින් දෙවැනි ඉනිම ආරම්භ කළ අතර, එහිදී ඔවුන් පන්දුවාර 54යි පන්දු 2ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 208ක් ලබාගැනීමට සමත්විය.
එයත් සමගම පාකිස්තානයට ජයග්‍රහණය සඳහා ලකුණු 389ක ඉලක්කයක් හිමිව තිබුණද, ඔලී රොබින්සන්, ජොෆ්ර ආචර් ඇතුළු එංගලන්ත පන්දු බළඇණිය හමුවේ ඔවුන්ට ලබාගැනීමට හැකියාව ලැබුණේ පන්දුවාර 50යි පන්දු 5ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 194ක් පමණක් වීම හේතුවෙන් ලකුණු 194ක දැවැන්ත ජයක් එංගලන්ත කණ්ඩායමට හිමිවිය.
තරගයේ වීරයා ලෙස ඔලී රොබින්සන් සම්මාන ලැබීය.සිසිර ඉන්ද්‍රජිත්

