කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණිය සඳහා නිලධාරීන් 1,252 දෙනෙකුට අද පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමට නියමිතව තිබෙනවා. ඒ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීයි. මෙම තනතුරු සදහා සුදුස්සන් තෝරා ගැනුණේ 2025…

කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණිය සඳහා නිලධාරීන් 1,252 දෙනෙකුට අද පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමට නියමිතව තිබෙනවා. ඒ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීයි. මෙම තනතුරු සදහා සුදුස්සන් තෝරා ගැනුණේ 2025 වසරේ ඔක්තෝබර් මස 05 වන දින පවත්වන ලද විවෘත තරග විභාගයෙන්. ඒ සඳහා අයදුම්කරුවන් 85,000කට ආසන්න ප්‍රමාණයක් පෙනී සිටියා. එහි ප්‍රතිඵල මත පසුගිය මැයි මස 22, 23 සහ 24 යන දිනවල පැවැත්වුණු සම්මුඛ පරීක්ෂණ සහ විභාග ලකුණු පදනම් කර ගනිමින් දක්ෂතාවය මත මෙම පිරිස තෝරාගෙන තිබෙනවා. පළමු වටයේදී මෙම තනතුර සඳහා මූලික සුදුසුකම් සපුරා ඇත්තේ 1,252 දෙනෙකු පමණක් වන බැවින් ඉතිරි පිරිස දෙවන වටයකදී බඳවා ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසුවේ.