ත්‍රිකුණාමලය කතෝලික රදගුරු පදවිය ගංතලාව මීසමේ මොල්ලිපොතාන සදාසරණ දේවමාතාවන්ට කැප කරන ලද දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය දිව්‍ය පූජා යාගය පසුගිය දින දේවස්ථානයේදී පැවැත්විණි. ඉකුත් බදාදා දින මංගල්‍යය කටයුතු ආරම්භය සංකේතවත් සදාසරණ දේවමෑණියන්ගේ සාම්ප්‍රදායික කොඩි කණුව එසවීම හා දේවමෙහෙය…

ත්‍රිකුණාමලය කතෝලික රදගුරු පදවිය ගංතලාව මීසමේ මොල්ලිපොතාන සදාසරණ දේවමාතාවන්ට කැප කරන ලද දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය දිව්‍ය පූජා යාගය පසුගිය දින දේවස්ථානයේදී පැවැත්විණි.

ඉකුත් බදාදා දින මංගල්‍යය කටයුතු ආරම්භය සංකේතවත් සදාසරණ දේවමෑණියන්ගේ සාම්ප්‍රදායික කොඩි කණුව එසවීම හා දේවමෙහෙය පැවැත්වූ අතර මංගල්‍ය දින දේව පූජා යාගය “දෙවිඳුනි, අප ඔබ කෙරෙහි සා පිපාසා වෙමු” මෙවර යන තේමාව යටතේ ගංතලාව මීසම් සේවක ජෝර්ජ් දිසානායක පියතුමන් හා මඩකලපුව පදවි විශේෂ සේවක පියතුමෙකු වන ජිරෝන් ඩෙයිලිමා හා තඹලගමුව මීසම් සේවක එස්. එස්. ජෝර්න් පිල්ලෙයි යන පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.කන්තලේ – තිවංක රාජපක්ෂ