ඒ අය අඳුර ගන්න පුළුවන් වී. ඒ. නිහාල් කියයිලේ පෙරි පෙරි හිටපු තාත්තා ‘පුතාලාට රයිස් එකක් ගෙනාවා” කියලා මට ඒක දුන්නාසාධාරණය ඉටු කරගන්න ඉහළට ම යනවා – පුතා කියයිරටක් කැළඹූ අම්බලන්ගොඩ සිද්ධිය පොලිසියේ ටැප් එක ළඟදී පොලිසියේ නිලධාරීන් දෙන්නෙක් ලේ හෝද ගනින් කියලා මට ගැහුවා යැයි අම්බලන්ග…

ඒ අය අඳුර ගන්න පුළුවන් වී. ඒ. නිහාල් කියයිලේ පෙරි පෙරි හිටපු තාත්තා ‘පුතාලාට රයිස් එකක් ගෙනාවා” කියලා මට ඒක දුන්නාසාධාරණය ඉටු කරගන්න ඉහළට ම යනවා – පුතා කියයිරටක් කැළඹූ අම්බලන්ගොඩ සිද්ධිය

පොලිසියේ ටැප් එක ළඟදී පොලිසියේ නිලධාරීන් දෙන්නෙක් ලේ හෝද ගනින් කියලා මට ගැහුවා යැයි අම්බලන්ගොඩ මහඅම්බලන්ගොඩ තාවකාලිකව පදිංචිව සිටින 61 හැවිරිදි වී. ඒ. නිහාල් මහතා තමාට පොලිසියේ දී සිදුවූ හිරිහැරය පිළිබඳ විස්තර කරමින් ඊයේ (26) පැවසීය.

ජාතික හැඳුනුම්පත් ළඟ නැති බව කියමින් මොහු අම්බලන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුට ගෙන තිබූ අතර එහිදී පොලිසිට ඔහුට ලේ එනතුරු පහර දී ඇති බවට ඔහුගේ පුතා චෝදනා කර තිබිණි. පුතා විසින් ඊට අදාළ වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍යයට මුදා හැර තිබිණි. පොලිසිය ප්‍රකාශ කර තිබුණේ එවැනි පහර දීමක් නොකළ බවය. ඔහු බීමත්ම අශෝබනව හැසිරීම නිසා අත්අඩංගුටව ගැනීමට යෑමේ දී දිවගිය බවත් එහිදී වැටී තුවාල වී ඇති බවත් පොලිසිය ප්‍රකාශ කර තිබිණ.

නිහාල් මහතා ඊයේ මෙසේ ද කීවේය.

මම මහත්තයෝ බොරු කියන්නෙ නැහැ.

මම වැඩ ඇරිලා ගෙදර යන්න ආවා. ගේ හරියෙදි පොලිසිය මහත්වරු වගයක් ඇවිත් මගෙන් හැඳුනුම්පත ඉල්ලුවා. මම කිව්වා මහත්තයෝ මගේ හැඳුනුම්පත ගෙදර තියෙන්නේ මම ගෙදර ගිහින් ඒක පෙන්නන්නම් කියලා. මම කිව්වා ගෙදර ඉන්න දරුවට මේ කෑම එක අරගෙන යන ගමන් කියලත්. ගෙදර ගිහින් මම බලපිටිය ඉස්පිරිතාලේ නවත්තලා ඉන්න දරුවා බලන්න යන්න ඕන බවත් මගේ නෝනා ඉන්නෙත් එයා ළඟ කියලත් මම ඒ මහත්වරුන්ට කිව්වා. එතකොට පොලිසියේ මහත්වරු උඹ බීල නේද ඉන්නේ කියලා බෙල්ලෙන් අල්ලලා දාගත්තා. මම කිව්වා ජාතික හැඳුනුම්පතේ ඔරිජිනල් එක තියෙන්නේ ගෙදර පොඩ්ඩක් ගෙදර යමු කියලා. එහෙම කියද්දි උඹ මරනවා කියලා වාහනේ දාගෙන මාව පොලිසියට අරගෙන ආවා. එන ගමන් මගේ අත ඇඹරුවා. මං හොඳටම කෑ ගැහුවා. මම කිව්වා ඩෙල්ටන්ගෙන් අහන්න කියලා මම ගැන. මට දරුවාට කෝල් එකක්වත් ගන්න ඉඩ දුන් නැහැ. ටැප් එක ළඟට ඇවිත් දෙන්නෙක් හෝද ගනින් කියලා මට හොඳටම ගැහැව්වා. මම වරදක් කරලා නැහැ. මම කුණුහරුපයක් කියලා නම්, බැනලා නම් මට ගැහුවට කමක්නෑ. මම හෘද රෝගියෙක්. මම කිව්වා ඇල්පිටියේ ලොකුම හතරට කියනවා කියලා. එතකොට මට පිස්තෝලයක් දික් කරා. ඒ හතර දෙනා නම් බීලා හිටියා. අනිවාර්යෙන් ගහපු අය අඳුනගන්න පුළුවන්. මම බොරු කියන්නේ නැහැ. මහත්තයෝ.

තමා තම පියාට සිදුවූ පහර දීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයාගේ පුතා වන වී. ඒ. පසිඳු මදුරංග (22) තරුණයා මෙසේ පැවසීය.

තාත්තා පොලිසියට ගෙනැල්ල තියෙන්නෙ රාත්‍රී නවයට විතර. පොලිසිය මගේ තාත්තව රෝහලට ඇතුළත් කරන්නවත් අවස්ථාව දුන්නෙ නැහැ.

හැඳුනුම්පත පෙන්නුවත් වැඩක් වුණේ නැහැ. තාත්තා ලේ පෙරාගෙන ඒ විදිහට ඉන්නවා දැක්කම මට හිතාගන්න බැරි වුණා. මගේ තාත්තා බීලා කියලා චෝදනා කළත් තාත්තා ඒ වෙලාවේ බීලා ඉඳලා නැහැ. ඇයි තාත්තට ඒ විධියට අමානුෂික විධියට පහර දුන්නේ.

අපේ නිවසට මීටර් සීයක් තියෙද්දි තමයි පොලිසිය තාත්තා අරගෙන තියෙන්නේ. තාත්තට හොඳටම බැන වැදිලා අතින් පයින් පහර දීලා. මම තාත්තා ගෙදර එන්න පරක්කු නිසයි සැකයට පොලිසියට ගියේ. මං ගිය ගමන් තාත්තගේ අඳෝනාව මට ඇහුණා. තාත්තා මං දැක්ක ගමන් මට කිව්වේ පුතේ ඔයාලට කන්න මම රයිස් එකකුත් ගෙනාවා කියලා. මේ මිනිස්සු මට හොඳට ම ගැහුවා කියලත් කිව්වා.

එතකොට පුතෙක් හැටියට මට මොන තරම් දුකක් දැනුණ ද. අර තාත්තා ගෙනාපු රයිස් එක ලේ පිටින්ම මට දුන්නා. මේ තරම් වේදනාවක් විඳින්න මගේ තාත්ත කරපු අපරාධය මොකක්ද. මේ සිද්ධියට සාධාරණයක් කරලා දෙන්න යන්න පුළුවන් උපරිම තැනට යනවා.හේමන්ත ද සිල්වා – බෙන්තොට