ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන නියෝගය මේ මස 23 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද නියෝග කළා. අදාල පෙත්සම කැ…

ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන නියෝගය මේ මස 23 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද නියෝග කළා. අදාල පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කල බවයි නෙත් නිව්ස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. මෙවර උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමට සිසුන්ට ප්‍රමාණවත් කාලයක් ලැබී නොමැති බවයි ඇතැම් පාර්ශව පවසන්නේ. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යංශය එය ප්‍රතික්ෂේප කරනවා. ඒ අනුව මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු මස 10 වනදා සිට සැප්තැම්බර් මස 05 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.