වාහන ආනයන බදු මත රජය විසින් පනවා තිබූ 50%ක අධි භාරය දීර්ඝ කලද පසුගිය මැයි මස 15 වැනි දින හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කරන ලද මෝටර් වාහන ආනයනයන් සම්බන්ධයෙන් එය අදාළ නොවන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. වාහන ආනයන බදු මත රජය විසින් අද දිනය දක්වා පනවා තිබූ 50%ක අධි භාරය ලබන දෙසැම්බර් දක්වා…
වාහන ආනයන බදු මත රජය විසින් පනවා තිබූ 50%ක අධි භාරය දීර්ඝ කලද පසුගිය මැයි මස 15 වැනි දින හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කරන ලද මෝටර් වාහන ආනයනයන් සම්බන්ධයෙන් එය අදාළ නොවන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. වාහන ආනයන බදු මත රජය විසින් අද දිනය දක්වා පනවා තිබූ 50%ක අධි භාරය ලබන දෙසැම්බර් දක්වා දීර්ඝ කිරීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව අද දිනයේ සිට දෙසැම්බර් මස 31 වන දින තෙක් වූ කාලසීමාව සඳහා මෙම දීර්ඝ කිරීම සිදුකර තිබෙනවා. 1988 අංක 83 දරන පනතින් සංශෝධිත -235 වැනි අධිකාරය, රේගු ආඥා පනතේ 10 අ වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව අදාළ දීර්ඝ කිරීම සිදුකර ඇතැයි සදහන්.











