LOLC රක්ෂණ සමාගම සිය රක්ෂණ හිමියන් වෙනුවෙන් තවත් නව සේවාවක් හඳුන්වා දී තිබෙනවා. ඒ රක්ෂණ හිමියන්ගේ හදිසි අවස්ථාවලදී කඩිනම් සහ විශ්වාසනීය සහාය ලබාදීමේ අරමුණින්. V Help ලෙස මෙම නව සේවාව හඳුන්වා දී තිබෙනවා. මේ යටතේ රථවාහන අනතුරු, මාර්ගය මැද වාහනය අක්‍රීයවීම් සහ වෙනත් හදිසි අවස්ථාවලද…

LOLC රක්ෂණ සමාගම සිය රක්ෂණ හිමියන් වෙනුවෙන් තවත් නව සේවාවක් හඳුන්වා දී තිබෙනවා. ඒ රක්ෂණ හිමියන්ගේ හදිසි අවස්ථාවලදී කඩිනම් සහ විශ්වාසනීය සහාය ලබාදීමේ අරමුණින්. V Help ලෙස මෙම නව සේවාව හඳුන්වා දී තිබෙනවා. මේ යටතේ රථවාහන අනතුරු, මාර්ගය මැද වාහනය අක්‍රීයවීම් සහ වෙනත් හදිසි අවස්ථාවලදී පැය 24 පුරාම රක්ෂණ හිමියන්ට සහය ලබා දෙන බවයි LOLC රක්ෂණ සමාගම පවසන්නේ. ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන LOLC සාමාන්‍ය රක්ෂණ සමාගමේ සභාපති කිත්සිරි ගුණවර්ධන මහතා පැවසුවේ V Help සේවාව හරහා අනතුරු වාර්තා කිරීම, රථය ඇදගෙන යාම, බැටරි ජම්ප් ස්ටාර්ට් කිරීම, ටයර් මාරු කිරීම, ඉන්ධන සැපයීම සහ වෙනත් හදිසි සහන සේවා රැසක් ලබාගැනීමට හැකි වන බවයි. එමෙන්ම රක්ෂණ හිමියන්ට කඩිනමින් අවශ්‍ය උපකාර සලසා දීම සඳහා විශේෂ සේවා මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කර ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා. 011 500 80 80 අංකය අමතා රක්ෂණ හිමියන්ට V Help සේවාව පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි.