ලෝකයම කතාවෙන සිය විශිෂ්ටත්වය නැවත තහවුරු කරමින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ප්‍රංශය අවසන් පූර්ව වටය සඳහා රැගෙන යාමට කිලියන් එම්බාපේ සමත් වුණා. ඒ ඊයේ පැවති අර්ථ අවසන් පූර්ව තරඟයකදී මොරොක්කෝව ගෝල 2ට 0ක් ලෙස පරාජය කරමින්. මෙම තරගයේදී එම්බාපේගේ දක්ෂතා මෙන්ම ප්‍රංශ කණ්ඩායමේ තවත් ස…
ලෝකයම කතාවෙන සිය විශිෂ්ටත්වය නැවත තහවුරු කරමින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ප්‍රංශය අවසන් පූර්ව වටය සඳහා රැගෙන යාමට කිලියන් එම්බාපේ සමත් වුණා. ඒ ඊයේ පැවති අර්ථ අවසන් පූර්ව තරඟයකදී මොරොක්කෝව ගෝල 2ට 0ක් ලෙස පරාජය කරමින්. මෙම තරගයේදී එම්බාපේගේ දක්ෂතා මෙන්ම ප්‍රංශ කණ්ඩායමේ තවත් සුපිරි තරුවක් වන උස්මාන් ඩෙම්බෙලේ දැක්වූ දක්ෂතාද විචාරක ඇගයීමට ලක්වුණා. තරගයේ පළමු භාගයේදී ප්‍රංශයට හිමිවූ පෙනල්ටි අවස්ථාවක් සාර්ථක කර ගැනීමට කිලියන් එම්බාපේ සමත් වුණේ නැහැ. එහෙත් වරද නිවැරදි කරගත් එම්බාපේ තරගයේ 60 වැනි මිනිත්තුවේදී අලංකාර ගෝලයක් වාර්තා කරමින් ප්‍රංශයට පෙරමුණ ලබා දුන්නා. එය එම්බාපේ මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ලබාගත් 8 වැනි ගෝලයයි. ඉන් මිනිත්තු 6 කට පසුව, එනම් තරගයේ 66 වැනි මිනිත්තුවේදී උස්මාන් ඩෙම්බෙලේ තවත් ගෝලයක් වාර්තා කරමින් ප්‍රංශයේ ජයග්‍රහණය ස්ථිර කළා. මේ අතර කිලියන් එම්බාපේ දැන් මෙම තරගාවලියේ වැඩිම ගෝල ලාභියාට හිමි ‘රන් සපත්තුව’ (Golden Boot) සඳහා වන සටනේ පෙරමුණ ගැනීමට ද සමත් වී තිබෙනවා. ඔහු මේ වන විට ආර්ජන්ටිනාවේ ලියොනෙල් මෙසී සමඟ සම ගෝල සංඛ්‍යාවක් ලබා සිටියත්, වැඩිම ගෝල සහායකත්වයන් (Assists) ලබා දී ඇත්තේ එම්බාපේ විසින්. එමෙන්ම ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වීමේ සටන ද මේ වන විට 39 හැවිරිදි මෙසී සහ 27 හැවිරිදි එම්බාපේ අතර ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. මෙසී ලෝක කුසලාන ඉතිහාසයේ ගෝල 21 ක් ලබා සිටින අතර එම්බාපේ ලබා සිටින ගෝල සංඛ්‍යාව 20 ක්. ඊයේ තරගය අතරතුර එම්බාපේගේ ආබාධ තත්ත්වයක් පෙනෙන්නට තිබුණත්, තරගයෙන් පසු ඔහු සෙසු ක්‍රීඩකයින් සමඟ ජයග්‍රහණය සැමරූ ආකාරයෙන් පෙනී ගියේ එය බරපතල ආබාධයක් නොවන බවයි. ලෝක කුසලාන අවසන් පූර්ව වටයේදී ප්‍රංශය, ස්පාඤ්ඤය හෝ බෙල්ජියම සමඟ ලබන අඟහරුවාදා ඩලස් නුවරදී තරග වැදීමට නියමිතව තිබෙනවා

