චර්ම රෝග මේ වන විට බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නයනී මදරසිංහ මහත්මිය පවසනවා. ඇය සදහන් කළේ, චර්ම රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට සායන වෙත පැමිණෙන රෝගීන්ගේ ඉහළයාමක් ද පෙන්නුම් කරන බවයි. මෙරට සමේ රෝග වැළදී ඇති රෝගීන් සංඛ්‍යාව පිළිබද දත්ත පවා නොමැති…

චර්ම රෝග මේ වන විට බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නයනී මදරසිංහ මහත්මිය පවසනවා. ඇය සදහන් කළේ, චර්ම රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට සායන වෙත පැමිණෙන රෝගීන්ගේ ඉහළයාමක් ද පෙන්නුම් කරන බවයි. මෙරට සමේ රෝග වැළදී ඇති රෝගීන් සංඛ්‍යාව පිළිබද දත්ත පවා නොමැති බවයි චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නයනී මදරසිංහ මහත්මිය පැවසුවේ. සමේ හටගන්නා දීලීර රෝග තත්ත්වයන් සඳහා වෛද්‍ය අනුමැතියකින් තොරව ඖෂධ ලබාගැනීමට කටයුතු කිරීමෙන් එම රෝගී තත්ත්වයන් පාලනය කිරීමේ ගැටලුකාරී තත්ත්වයන් මතුව ඇති බවයි චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පැවසුවේ.