වනජීවී නිලධාරින් අසනීප නිවාඩු වාර්තා කර අද වෘතිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව වනජීවී දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති පවසනවා. ඔවුන් කියා සිටියේ සිවිල් ආරක්ෂක නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කිරීමට රජය ගෙන ඇති පියවරට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රි…
වනජීවී නිලධාරින් අසනීප නිවාඩු වාර්තා කර අද වෘතිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව වනජීවී දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති පවසනවා. ඔවුන් කියා සිටියේ සිවිල් ආරක්ෂක නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කිරීමට රජය ගෙන ඇති පියවරට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට එළඹෙන බවයි. සිය විරෝධය අවධාරණය කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද උද්ඝෝෂණයක්ද සිදුකෙරෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති වැඩිදුරටත් කියා සිටියා. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමස්ථ ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඉන්දික පීරිස් මහතා පැවසුවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අත්තනෝමතික ලෙස ක්‍රියා කරමින් වර්තමානයේ සේවය කරන සියලුම නිලධාරීන්ට අගතියක් වන අයුරින් නව බඳවා ගැනීම් සිදු කිරීමට උත්සාහ කරන බවයි. තමන් විරෝධය දක්වන්නේ මෙම බඳවා ගැනීම් සඳහා නොව බඳවා ගන්නා ක්‍රමවේදයේ තිබෙන අඩුපාඩු සම්බන්ධයෙන් බවද ඔහු කියා සිටියා. කෙසේ වෙතත් මේ පිළිබඳ කළ විමසීමකදී වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා පැවසුවේ ඉදිරිපත් කරන ගැටලු සම්බන්ධයෙන් සාකච්ජාවක් ලබාදී ඇති බවයි.

