වසා දමා තිබු ආදාදොල උප දුම්රිය ස්ථානය සහ අකුරළ උප දුම්රිය ස්ථානය අද යළි විවෘත කර තිබෙනවා. උප දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයෙන් ඉවත්වීම මත මාස 11 ක කාලයක් ආඳාදොල උප දුම්රිය ස්ථානය වසා දමා තිබූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන්ම අකුරළ උප දුම්රිය ස්ථානය ද මාස 09 ක කාලයක් වස…

වසා දමා තිබු ආදාදොල උප දුම්රිය ස්ථානය සහ අකුරළ උප දුම්රිය ස්ථානය අද යළි විවෘත කර තිබෙනවා. උප දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයෙන් ඉවත්වීම මත මාස 11 ක කාලයක් ආඳාදොල උප දුම්රිය ස්ථානය වසා දමා තිබූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන්ම අකුරළ උප දුම්රිය ස්ථානය ද මාස 09 ක කාලයක් වසා දමා තිබුණා. කෙසේවෙතත් අද දින සහන දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයට එක් කර යළි එම උප දුම්රිය ස්ථාන විවෘත කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ, අනුව එම උප දුම්රිය ස්ථානවලින් යළි ප්‍රවේශපත් නිකුත් කිරීම හා දුම්රිය ගමනාගමනය ඇතුළු සියලුම පහසුකම් මගී ජනතාවට හිමි වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.