මීටර් 400 කඩුලු මතින් දිවීම පිරිමි ඉසව්වේ වසර 26ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමීමට අයෝමාල් පෙරේරා අද සමත් වුණා. ඒ චීනයේ පැවැත්වෙන වයස අවුරුදු 23න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදීයි. මෙහිදී අයෝමල් තරගය නිම කිරීමට ගත කළ කාලය තත්පර 49 යි දශම තුනක්. මීට පෙර මෙම ඉසව්වේ ශ්‍රී…
මීටර් 400 කඩුලු මතින් දිවීම පිරිමි ඉසව්වේ වසර 26ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමීමට අයෝමාල් පෙරේරා අද සමත් වුණා. ඒ චීනයේ පැවැත්වෙන වයස අවුරුදු 23න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදීයි. මෙහිදී අයෝමල් තරගය නිම කිරීමට ගත කළ කාලය තත්පර 49 යි දශම තුනක්. මීට පෙර මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබුණේ හරිජන් රත්නායක විසින්. 2000 වසරේදී ඉසව්ව තත්පර 49යි දශම 4යි 4ක කාලයකින් නිම කරමින් ඔහු එම වාර්තාව පිහිටුවා තිබුණා. ශ්‍රී ලංකා වාර්තාවද අලුත් කරමින් අද දැක්වූ දක්ෂතාවත් සමඟ අයෝමල් පෙරේරා තරගයේ රිදී පදක්කමද දිනා ගත්තා. මෙය මෑත කාලයේදී මළල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකාව දැක්වූ තවත් ඉහළම දක්ෂතාවක් බවයි ක්‍රීඩා විචාරකයන් පවසන්නේ.

