මෙවර වී මිළදී ගැනීම සදහා ආණ්ඩුව නියම කළ මිල කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බව රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යාව පිලිබද මහාචාර්ය අරුණ කුමාර මහතා පවසනවා. ඔහු කියා සිටියේ මෙම කන්නයේ වී කිලෝ එකක නිෂ්පාදන වියදම රුපියල් 137ක් බවයි. එහෙත් නාඩු රුපියල් 120කට හා සම්බා 130කට මිලදී ගැනීමට…
මෙවර වී මිළදී ගැනීම සදහා ආණ්ඩුව නියම කළ මිල කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බව රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යාව පිලිබද මහාචාර්ය අරුණ කුමාර මහතා පවසනවා. ඔහු කියා සිටියේ මෙම කන්නයේ වී කිලෝ එකක නිෂ්පාදන වියදම රුපියල් 137ක් බවයි. එහෙත් නාඩු රුපියල් 120කට හා සම්බා 130කට මිලදී ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බවයි රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යාව පිලිබද මහාචාර්ය අරුණ කුමාර මහතා සදහන් කළේ. ආණ්ඩුව සහල් ආනයනය කිරීමට තීරණය කරන විටද රටේ සහල් අතිරික්තයක් තිබූ බවත් එහිදී ගත් වැරදි තීරණය වර්තමානයේ වී අර්බුදයට ප්‍රධාන හේතුවක් බවත් ඔහු කියා සිටියා. ඒ, නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින්. කෙසේවෙතත් වී ලබන ජූලි 13 වනදා සිට වී මිලදී ගැනීම් ආරම්භ කරන බවයි වී අළෙවි මණ්ඩලය පැවසුවේ.

