අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම සඳහා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ආණ්ඩුව ක්‍රියා කරගෙන යන බව විපක්ෂ ක්‍රියාකාරීහු පවසති. එම ව්‍යවස්ථා සංශෝධනය සැකසීම දැනට පළාත් ආණ්ඩුකාර ධුරයක් දරන විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙකුගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන…

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම සඳහා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ආණ්ඩුව ක්‍රියා කරගෙන යන බව විපක්ෂ ක්‍රියාකාරීහු පවසති. එම ව්‍යවස්ථා සංශෝධනය සැකසීම දැනට පළාත් ආණ්ඩුකාර ධුරයක් දරන විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙකුගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන බවද ඔවුහු සඳහන් කරති.

ඊට අමතරව විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම මෙන්ම, උපරිමාධිකරණයන්හි පවතින විපක්ෂය විසින් මතු කරන විවිධ ගැටලුවලට මුල් වී ඇත්තේ ද ආණ්ඩුවට සහාය දක්වන විශ්‍රාමික විනිසුරුවරුන් කිහිප දෙනෙකු බවට ද ඔවුහු චෝදනා කරති.

අකිත පෙරේරා