ව්‍යාපාරික විරාජ් වික්‍රමනායක මහතා මහරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙන් මහරගම පොලිස් ස්ථානය වෙත අද භාරවීමෙන් අනතුරුවයි. විරාජ් වික්‍රමනායක මහතා තමන් වෙත පහරදුන් බවට පුද්ගලයෙකු විසින් පසුගියදා මහරගම පොලිස් ස්ථානය හමුවේ පැමිණිල්ලක් සිදුකර තිබුණා…

ව්‍යාපාරික විරාජ් වික්‍රමනායක මහතා මහරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙන් මහරගම පොලිස් ස්ථානය වෙත අද භාරවීමෙන් අනතුරුවයි. විරාජ් වික්‍රමනායක මහතා තමන් වෙත පහරදුන් බවට පුද්ගලයෙකු විසින් පසුගියදා මහරගම පොලිස් ස්ථානය හමුවේ පැමිණිල්ලක් සිදුකර තිබුණා. අත්අඩංගුවට ගත් එම ව්‍යාපාරිකයා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.