මැදපෙරදිග යුද උණුසුම තවත් තීව්‍ර කරමින් යේමනයේ ද යළිත් වරක් ගැටුම් ඇති වී තිබෙනවා. ඒ, එරට රජයේ හමුදා විසින් සනා අගනුවර පිහිටි ගුවන් තොටුපොළට එල්ල කළ ප්‍රහාරයක් සහ ඊට ප්‍රතිචාර ලෙස හූති සටන්කාමීන් එල්ල කළ මිසයිල ප්‍රහාර හේතුවෙන්. යේමන රජය පවසන්නේ ඉරාන ගුවන් යානයක් සනා ගුවන් තොටුප…
මැදපෙරදිග යුද උණුසුම තවත් තීව්‍ර කරමින් යේමනයේ ද යළිත් වරක් ගැටුම් ඇති වී තිබෙනවා. ඒ, එරට රජයේ හමුදා විසින් සනා අගනුවර පිහිටි ගුවන් තොටුපොළට එල්ල කළ ප්‍රහාරයක් සහ ඊට ප්‍රතිචාර ලෙස හූති සටන්කාමීන් එල්ල කළ මිසයිල ප්‍රහාර හේතුවෙන්. යේමන රජය පවසන්නේ ඉරාන ගුවන් යානයක් සනා ගුවන් තොටුපොළට ගොඩබැස්වීම වැළැක්වීම සඳහා තමන් එහි ධාවන පථයට බෝම්බ හෙලූ බවයි. ඉරානයේ සිට පැමිණි හූති නියෝජිත පිරිසක් රැගත් මෙම යානය පසුව වෙනත් ප්‍රදේශයකට ගොඩ බස්වා තිබෙනවා. මෙම ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් හූති සටන්කාමීන් විසින් යේමන රජයට සහාය දෙන සෞදි අරාබිය දෙසට බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මෙම ප්‍රහාරවලින් ඉලක්ක කර ඇත්තේ සෞදි අරාබියේ අබා ගුවන්තොටුපළ බවද විදෙස් මාධ්‍ය පවසනවා. කෙසේ වෙතත් එම මිසයිල සාර්ථකව විනාශ කළ බවයි සෞදි ආරක්ෂක අංශ කියා සිටියේ. මේ අතර සනා ගුවන් තොටුපොළේ තිබූ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට අයත් ගුවන් යානයක් සහ එහි ගුවන් නියමුවන් දෙදෙනා හූති සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබෙනවා. පවතින නොසන්සුන් තත්ත්වය හමුවේ සෞදි ගුවන් සීමාව භාවිත නොකරන ලෙස හූති සංවිධානය ජාත්‍යන්තර ගුවන් සේවාවලට දැනුම් දීමක්ද කර තිබෙන බවයි විදෙස් මාධ්‍යය කියා සිටියේ. මේ හේතුවෙන් කලාපය තුළ යළිත් දරුණු ගැටුම් ඇතිවීමේ අවදානමක් මතුව ඇති අතර, දෙපාර්ශවයටම ඉවසීමෙන් කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය බලකර සිටිනවා.

