යෝෂිත රාජපක්ෂගේ ප්‍රතිශෝධන පෙත්සමක් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි Published July 3, 2026 10:43am මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවේ අන්තර්ගත "කුමන්ත්‍රණය" නමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක…
යෝෂිත රාජපක්ෂගේ ප්‍රතිශෝධන පෙත්සමක් අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි
Published July 3, 2026 10:43am
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවේ අන්තර්ගත "කුමන්ත්‍රණය" නමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය අද නිෂ්ප්‍රභ කළා. එම කරුණ අභියෝගයට ලක් කරමින් යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව එහි තීන්දුව දෙමින් අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

