එක්සත් ජනපදයේ වෙසෙමින් විවිධ ව්‍යාපාරික කටයුතුවල නිරත වූ හැරී කුමරු සහ මේගන් මර්කල් නැවතත් බි්‍රතාන්‍යයට පැමිණීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසනවා. කෙසේ වෙතත්, නැවත පැමිණීමත් සමග ඔවුන්ගේ ඉදිරි ව්‍යාපාරික කටයුතු පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්න…

එක්සත් ජනපදයේ වෙසෙමින් විවිධ ව්‍යාපාරික කටයුතුවල නිරත වූ හැරී කුමරු සහ මේගන් මර්කල් නැවතත් බි්‍රතාන්‍යයට පැමිණීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසනවා. කෙසේ වෙතත්, නැවත පැමිණීමත් සමග ඔවුන්ගේ ඉදිරි ව්‍යාපාරික කටයුතු පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ. 2020 වසරේදී බි්‍රතාන්‍ය රාජකීය පවුලෙන් ඉවත් වීමෙන් පසු හැරී සහ මේගන් ඇමරිකාවේදී ආරම්භ කළ ප්‍රවාහන සේවා ඇතුළු ව්‍යාපාරික බොහෝමයක් විශාල ආකර්ෂණයක් දිනා ගැනීමට අපොහොසත් වී ඇති බව ද එම ප්‍රවීණයන් පවසනවා. ඔවුන් යළි බි්‍රතාන්‍යයට පැමිණියද රාජකීය පවුලේ නිල කටයුතුවල නිරත නොවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර රහසිගත බව සහ පුද්ගලිකත්වය කඩකිරීම සම්බන්ධයෙන් බි්‍රතාන්‍යයේ හැරී කුමරු ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් 06 දෙනෙකු විසින් ගොනුකර තිබූ නඩුවක් පරාජය වීමත් සමඟ, ”ඩේලි මේල්” පුවත්පතේ ප්‍රකාශන සමාගම වෙත පවුම් මිලියන 9.54ක මුදලක් ගෙවන ලෙස බි්‍රතාන්‍ය අධිකරණය නියෝග කර තිබුණා. නීති විරෝධී ලෙස තොරතුරු රැස්කිරීම සහ පුද්ගලිකත්වයට හානි කිරීම සම්බන්ධයෙන් එම සමාගමට එරෙහිව හැරී කුමරු ඇතුළු පිරිස මෙම නීතිමය ක්‍රියාමාර්ගය ගෙන තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.