මොරටුව වේල්ස් කුමරි විද්‍යාලය සහ කොළඹ යසෝදරා විද්‍යාලය අතර පැවැත්වුණු තෙවන Battle of the Queens‍ හෙවත් රැජිණියන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයට තම සංගමය විනිසුරුවන් ලබා නොදුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය පවසනවා. එහි සාමාජික සමන් හේවාවිතාරණ මහතා පැවසුවේ මුල් අවස්…

මොරටුව වේල්ස් කුමරි විද්‍යාලය සහ කොළඹ යසෝදරා විද්‍යාලය අතර පැවැත්වුණු තෙවන Battle of the Queens‍ හෙවත් රැජිණියන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයට තම සංගමය විනිසුරුවන් ලබා නොදුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය පවසනවා. එහි සාමාජික සමන් හේවාවිතාරණ මහතා පැවසුවේ මුල් අවස්ථාවේදි එම තරගයට තම සංගමයෙන් විනිසුරුවන් ඉල්ලා සිටියත් පසුව ඒ ඉල්ලිම එක් පාසලක් විසින් ප්‍රතික්ෂේප කර තිබූ බවයි. ''වේල්ස් කුමරි විද්‍යාලයේ විදුහල්පතිනිය 07 වෙනි මාසේ, ඒ කියන්නේ ජූලි මාසේ 16 වෙනිදා ලිඛිතව අපෙන් ඉල්ලීමක් කරනවා විනිශ්චයකාරවරුන් තිදෙනෙක් සහ තරග තීරකවරයෙක් එම තරගය සඳහා ලබා දෙන්නට කියලා. විනිශ්චයකාරවරුන් තිදෙනෙක් සහ තරග තීරකවරයෙක් සූදානම් කරලා තිබ්බා ඒ තරගයට යැවීමට. ඒ කියන්නේ ඒ විද්‍යාලයේම නියෝජ්‍ය විදුහල්පතිතුමියගේ අත්සනින් ලිපියක් එනවා, යශෝධරා විද්‍යාලය අපෙන් විනිශ්චයකාරවරුන් ගැනීම පිළිබඳව කැමැත්තක් නැහැ. එම නිසා අපි ඒගොල්ලන්ගේ ඉල්ලීම වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විනිසුරුවන් ලබා ගන්න කියන ඉල්ලීම තමා කරලා තියෙන්නේ. ඒ නිසා අපිට විනිශ්චයකාරවරුන් එවන්න එපා කියන ඉල්ලීමක් කරලා තමයි එවලා තිබ්බේ. ඒ නිසා අපි විනිශ්චයකාරවරුන් ඒ සඳහා යෙදවීමක් කළේ නැහැ. මේ ගැටලු අවම කරගන්න නම්, ඕගොල්ලෝ දන්න තැනින් විනිශ්චයකාරවරුන් ගන්න. දැන් මේක යනකොට ඇත්ත වශයෙන්ම පුංචි පුංචි කඩවල් බිහි වෙනවනේ. "අපි රුපියල් 50ක් අඩු කරලා දෙන්නම්, අපි 100ක් අඩු කරලා දෙන්නම්, අපෙන් ගන්න" කියලා. එම නිසා අපි කවදාවත් ඉල්ලන දෙනා දෙන්නේ නැහැ. අපි තමයි කමිටුවක් හැටියට තීරණය කරන්නේ කවුද විනිශ්චයකාරවරුන් යොදවන්නේ. අන්න ඒ අවස්ථාවල අපිව මගහැරලා ගිහිල්ලා ඒගොල්ලන්ට අවශ්‍ය තැන්වලින් ගැනීමේ ක්‍රමවේදය නිසා තමයි මං හිතන්නේ මේ තත්ත්වයට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ.''