ගාසා තීරයේ සටන් විරාමය සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15 කින් යුත් යෝජනාවලිය ඊශ්‍රායලය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කරන්නේ හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම අයුධ අත්හරින තෙක් තම හමුදාවන් ගාසා තීරයෙන් ඉවත් කර නොගන…
ගාසා තීරයේ සටන් විරාමය සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15 කින් යුත් යෝජනාවලිය ඊශ්‍රායලය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කරන්නේ හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම අයුධ අත්හරින තෙක් තම හමුදාවන් ගාසා තීරයෙන් ඉවත් කර නොගන්නා බවයි. කෙසේවෙතත්, ඊශ්‍රායල ප්‍රහාර සම්පූර්ණයෙන් නවත්වා සිය හමුදාවන් ගාසා තීරයෙන් ඉවත් කරගන්නේ නම් පමණක් බර මෙවලම් සහ ආයුධ භාරදීමට සූදානම් බව හමාස් සංවිධානය පවසනවා. මෙම තත්ත්වය හමුවේ, දෙපාර්ශ්වය අතර ඇති වී තිබෙන මෙම මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් ගාසා තීරයේ මතුව ඇති අර්බුදයට විසඳුම් සෙවීමේ සටන් විරාම වැඩපිළිවෙළ යළිත් අර්බුදයකට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවලියට, සාම කටයුතු නිරීක්ෂණය සඳහා ”සාම මණ්ඩලයක්” පිහිටුවීම, හමාස් සංවිධානය අයුධ අත්හැරීම, ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් කරගැනීම සහ ගාසා තීරය නැවත ගොඩනැගීම ද ඇතුළත්ව තිබි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්ත කළේ.












