අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටියදී පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට ඉකුත්දා ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත්…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටියදී පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට ඉකුත්දා ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නා. එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම දැනුම් දීම සිදු කළා. ඉන් අනතුරුව ඇප ඉල්ලීම සලකා බැලූ අතර මෙම සැකකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අගෝස්තු මස 20 වනදා සිදු කරන බවත් මහාධිකරණ විනිසුරු වරයා නියම කළා. මේ අතර මෙම සැකකරුවන්ට අදාළ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ වූ චෝදනා ඉවත් කර තිබෙන බැවින් රැඳවුම් භාරයේ තංගල්ල පැරණි බන්ධනාගාරයේ පසු වන හරක් කටා නමැති විත්තිකරු සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීමට නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළා.












