බන්ධනාගාර කිහිපයක පසුගියදා ඇති වූ නොසන්සුන්තා සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන චන්දන ඒකනායක මහතා අදහස් පළ කළා. ඒ, නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේ විකාශය වූ විශේෂ වැඩසටහනකට එක්වෙමින්. එහිදී ඔහු මෙලෙස අදහස් පළ කළා. '' ආයතන තුන හතරක එකපාර මෙහෙම සිද්ධියක් ඇතිවුණේ පළවෙනි…

බන්ධනාගාර කිහිපයක පසුගියදා ඇති වූ නොසන්සුන්තා සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන චන්දන ඒකනායක මහතා අදහස් පළ කළා. ඒ, නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේ විකාශය වූ විශේෂ වැඩසටහනකට එක්වෙමින්. එහිදී ඔහු මෙලෙස අදහස් පළ කළා. '' ආයතන තුන හතරක එකපාර මෙහෙම සිද්ධියක් ඇතිවුණේ පළවෙනි වතාවට කියලයි මට දැනෙන්නේ. මොකද මගේ සේවා කාලය අවුරුදු 37 ක්. ඒ කාලය තුළ මෙවැනි එකපාර ඇතිවෙච්ච රයට්ස් තිබ්බේ නැහැ. රයට්ස් ඇතිවුණා. හැබැයි මේක ටිකක්... ටිකක් අසාමාන්‍ය තත්ත්වයක්. හරි, ඉතින් මං හිතන්නේ මේක හේතු ගත්තොත්, දැන් හේතුවක් හැටියට මට හිතෙන දේ සමහර වෙලාවට හේතුව නොවෙන්න පුළුවන්. හැබැයි ඒ හිතෙන හේතුව මට හිතෙන්නේ දැන්... දැන් ඔන්න මෙවැනි අසහනකාරී සහ මේ... මේ වගේ තත්ත්වයක් මුලපිරුවානේ? මීගමුවේ... ඒ කියන්නේ ඝනත්වයේ වැඩිකම. බන්ධනාගාර තුළ ඝනත්වයේ වැඩිකම, 46,000 ක් විතර ඉන්න ඝනත්වයේ වැඩිකම, තදබදය නිසා මිනිස්සුන්ට ඇතිවෙච්ච අපහසුතාවයක් තියෙන්න පුළුවන්. ඒ තදබදය නිසා ඇතිවෙච්ච ඒ ප්‍රශ්නය මුලපුරන්න පුළුවන්. දීර්ඝ කාලයක් රිමාන්ඩ් භාරයේ ඉන්න මිනිස්සුන්ට මේක ටිකක් අමාරු තත්ත්වයක්. එතකොට බන්ධනාගාරවල තියෙන ඉඩකඩ මදිකම නිසා පහසුකම් අඩු වෙන්න පුළුවන්. මේ පහසුකම් අඩුවීම, මත්ද්‍රව්‍ය යෑම වැළැක්වීමට ඒ නිලධාරීන් ගත්ත උත්සාහයන් නිසාත් මේක ඇතිවෙන්න පුළුවන්." මෙරට මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතු ද? මේ, ඊට ප්‍රතිචාර දැක්වූ හිටපු බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා. "අර දැනට නියම හිමි අයට පැය 23 කින් පැය 23 ක් සෙල් එකේ ඉන්න ඕනේ. පැයයි එළියට දාන්නේ. පැයයි එළියට දාන්නේ. ඒ එක හරිම මේ... දුෂ්කර කාර්යයක්. ඒ වගේම තමයි ඔහු එළියට ගන්නවා නම් විශේෂ ආරක්ෂාවක් දෙන්න ඕනේ ජේලර්වරයෙක් යටතේ. ආයුධ සන්නද්ධව තමයි ඔහු කොහේ කොහේ ගියත් බන්ධනාගාර නීති රීතිවල ඔහු විශිෂ්ට පුද්ගලයෙක්. බන්ධනාගාරය තුළට ආයුධ ගේන්න බැරි නිසා ඔහු ආරක්ෂා කරන්න විශේෂ ආරක්ෂාවක් දෙනවා ඇතුළේ වුණත්. නිලධාරී වැඩි සංඛ්‍යාවක් ඔහුත් එක්ක යන්න ඕනේ. ඉතින්..." "මේක මගේ අදහස... මගේ අදහස. එල්ලුම්ගහ ක්‍රියාත්මක වීම... දැන් ඉස්සර තිබ්බේ ඇසට ඇසක්, කකුලට කකුලක්, ජීවිතයට ජීවිතයක්.   මරණ දඬුවම දුන්න කෙනෙකුට මරණයකින් ඉවර කරන්න ඕනද? දැන් ලෝක මතයක් තියෙනවානේ. දැන්... දැන් ඔය ඇමරිකාවේ ටෙක්සස්වල තිබ්බේ මේ... විදුලි පුටුව තමයි තිබ්බේ. ඒ විදුලි පුටුවේ තත්පර... විනාඩි 20 ක් විතර ගැහෙනවා. හරිද? මිනිස්සු මැරෙන්න විනාඩි 20 ක් විතර ගැහිලා. ඒක අයින් කරා. දැන් ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. දැන් මගේ අදහස නම් මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්න ඕනේ නම්, මං හිතන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක එල්ලන්න... එල්ලන්න ඕන කරන අය ඉන්නවා. ඒක වෙනස් බෝඩ් එකකින් තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සරත් මිනිස්සු ඔක්කොම එල්ලලා නැහැ, හරිද? මරණ දඬුවම නියම වෙච්ච ඔක්කොමලා එල්ලලා නැහැ. ඉතින් මොකක් හරි බෝඩ් එකකින් ඩිසයිඩ් කරන්න ඕනේ කියලා මං හිතනවා මරණ දඬුවම ක්‍රියාත්මක විය යුතු මිනිස්සු කවුද කියලා. එහෙම නැත්නම් මරණයට පත් වුණාම ඒක මරණයකින් කෙළවර වෙන්න ඕනේ නැහැ කියලා මම විශ්වාස කරනවා.