වයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ (23) දිනයේ සිදුවූ මහාමාර්ග හා දුම්රිය මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. උහන පොලිස් වසමේ අම්පාර–මහනුවර මාර්ගයේ වෑරැන්කැටගොඩ හන්දිය ආසන්නයේදී සිදුවූ අනතුරකින් 39 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මියගොස් ඇත. මහනුවර දෙසට ධාවනය වූ ව…

වයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ (23) දිනයේ සිදුවූ මහාමාර්ග හා දුම්රිය මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

උහන පොලිස් වසමේ අම්පාර–මහනුවර මාර්ගයේ වෑරැන්කැටගොඩ හන්දිය ආසන්නයේදී සිදුවූ අනතුරකින් 39 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මියගොස් ඇත.

මහනුවර දෙසට ධාවනය වූ වෑන් රථයක රියැදුරුට රථය පාලනය කරගත නොහැකිව ගරාජයක් අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර බරපතළ තුවාල ලැබූ එක් යතුරුපැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇත.

වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු ද තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කර ඇති අතර, වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, නුවරඑළිය පොලිස් වසමේ පේරාදෙණිය–චෙන්කල්අඩි මාර්ගයේ කිලෝමීටර් 75 කණුව ආසන්නයේදී සිදුවූ බස් රථ අනතුරකින් 46 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.

මහනුවර සිට වැලිමඩ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් බස් නැවතුමක මගීන් බස්සවා නැවත ධාවනය කිරීමේදී රියැදුරුට රථය පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් නවතා තිබූ තවත් බස් රථයක පසුපස ගැටී ඇති අතර, අනතුරුව මාර්ගයේ වම්පසින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ද ගැටී ඇත.

බරපතළ තුවාල ලැබූ එම පදිකයා නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර බස් රථයේ රියැදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

වීරඹුගෙදර පොලිස් වසමේ පිදුරුවැල්ල–හම්බාර අතුරු මාර්ගයේ හඳගල ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් 22 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මිය ගියා.

හම්බාර දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා සහ පසුපැදිකාරියක් කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් යතුරුපැදිකරුවෙකු මිය ගිය බව සඳහන්.

හබරාදූව පොලිස් වසමේ ගිනිගල–එරමුදුගහ හන්දිය මාර්ගයේ පොල්දූව ප්‍රදේශයේදී ඊයේ (23) සවස සිදුවූ අනතුරකින් 63 හැවිරිදි පාපැදිකරුවෙකු මියගොස් තිබෙනවා.

එරමුදුගහ හන්දිය දෙසට ධාවනය වූ ට්‍රක් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පාපැදිකරුවෙකුගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර, බරපතළ තුවාල ලැබූ පාපැදිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

අළුත්ගම පොලිස් වසමේ ගනේගම පූර්වාරාම විහාරස්ථානය ආසන්න දුම්රිය හරස් මාර්ගයේදී සිදුවූ අනතුරකින් 23 හැවිරිදි ත්‍රීරෝද රථ රියැදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දුම්රිය මාර්ගය හරහා ගමන් කළ ත්‍රීරෝද රථයක් කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

ත්‍රීරෝද රථයේ ගමන් කළ තවත් පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා සීනවත්ත රෝහලට ඇතුළත් කර තිබෙනවා. . මීට අමතරව, මහව පොලිස් වසමේ මහව දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියේ ගැටීමෙන් 72 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව සඳහන්.